අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි (25) දින සිට ආරම්භ කල ප්‍රාථමික අංශයේ පාසල් වලට ගුරුවරුන් සහ සිසු සිසුවියන්ගේ පැමිණිම (26) දින ඉතා ඉහල මට්ටමක පවතින බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
පාසලට පැමිණි ප්‍රාථමික අංශයේ සියළුම සිසු සිසුවියන් සෞඛ්‍ය උපදෙස් අනුව පාසල් වලට ඇතුලත් කර ගනිමින් ඔහුන්ට ඉගැන්විම් කටයුතු සිදු කරන බවයි විදුහල්පතිවරුන් කියා සිටියේ.
පාසල් වල සෙසු පන්ති වලද ඉගැන්විම් කටයුතු අධ්‍යාපන අමාත්‍යංශය විසින් ආරම්භ කරන්නේ නම් ඒ සදහා පාසල් සුදානම් බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයේ විදුහල්පතිවරුන් වැඩිදුරටත් පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ