Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සාගරගම වැවේ සොරොව්ව තාම හදලා නෑ – බැසිල්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉකුත් දිනවල නාත්තණ්ඩිය සාගරගම ප්‍රදේශයට නොකඩවා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සාගරගම වැව උතුරා ගොස් තිබේ.

නමුත් අධික ජල කඳක් සමඟ විශාල පාසි තට්ටුවක් වැවේ සොරොව්වට හේත්තු වී තිබීමෙන් එහි පීඩනය දරගත නොහැකිව සො⁣රොව්ව බිඳී වැව් ජලය සිඳී යෑමෙන් ගොවීහු අසරණ වී සිටිති.

සිද්ධිය සැලවූ වහාම එහි පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ගොවිජන අංශයේ බලධාරීන් කැඳවා වහාම සොරොව්ව සකස් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

එහෙත් මේ වන තුරුත් එහි සංවර්ධන වැඩ ආරම්භ වී නැති බවට ප්‍රදේශවාසීහු මැසිවිලි නඟති.

මේ පිළිබඳව සාගරගම ඉහළ/පහළ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඒ.සී. පෙරේරා මහතා මෙසේ පැවසීය.

“ඉදිරියට එන්නේ මහ කන්නය. නමුත් සොරොව්ව බිඳිලා. වැව පතුලටම හිඳිලා. ගොවිතැන් විතරක් නෙමේ ගමේ ළිංවල වතුරත් හිඳීගෙන යනවා. බොන්නවත් වතුර නැති වෙයි. වැව් බැම්ම කැඩී යෑමෙන් ගොවි පවුල් 38ක් අසරණ වෙලා.

කුඹුරු අක්කර 52ක් පුරන් වෙනවා. මන්ත්‍රීතුමා ඇවිත් බලලා කෘෂි නිලධාරීන්ට නියෝග කළත් මේ වනතුරු නිසි ප්‍රතිකර්මයක් කර නෑ.”

බැසිල් පෙරේරා,

“වැවෙන් මාළු ටිකක් අල්ලා විකුණලා දරු පවුල රැක්කේ. වැව හිඳුණු දා ඉඳල අපිට යන එනමං නෑ.”

මහේෂ් පෙරේරා,

“අපේ ගමේ මේ විනාශ වුණු වැව ගැන බලන්න කවුරුත් නෑ. ඡන්දෙ කාලෙට නම් මනාප එකතු කරන්න දිස්ත්‍රික්කෙම අය එනවා. දැන් නිකමටවත් කෙනෙක් එන්නේ නෑ. ශ්‍රමදාන මට්ටමෙන් කරන්න පුළුවන් වැඩක් නම් අපේ ගමේ තරුණ පිරිස වැව හැදිල්ල ආණ්ඩුව කරනකම් බලන් ඉන්නේ නෑ.”

මේ සම්බන්ධව රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ද ගොවි සංවිධානයේ සභාපතිවරයා විසින් දැනුවත් කර ඇතත් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

විමලසේන නම්මුනි – නාත්තන්ඩිය සමූහ

Scroll to Top