Aboutceylon Online

යුධ හමුදා භට පිරිසක් තවත් සමාජ සත්කාර වැඩසටහනක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රි ලංකා යුධ හමුදාවට වසර 70 ක් සපිරිම නිමිත්තෙන් සහ ශ්‍රි ලංකා යුධ හමුදා මුලස්ථානය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ස්ථාපනය කර රණවිරු අයිතියටපත් කිරිමට  සමගාමිව ශ්‍රි  පාස්ථානය කෙන්ද්‍ර  කරගනිමින් සමාජ සත්කාර වැඩසටහනක්  ආරක්ෂක සේනා මුලස්ථානයේ (මධ්‍යම පලාත භාර  අඥාපති ) මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැත්විණි.

ශ්‍රි ලංකා යුද හමුදා 11 සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල්  සෙනරත් බණ්ඩාර , 112 වෙනි බල සේනාවේ සේනාධිපති බ්‍රිගෙඩියර් ප්‍රසාද් එදිරිසිංහ යන මහතුන්ගේ අධික්ෂණය යටතේ මෙම පරිසරය සුරකිමේ සමාජ සත්කාර වැඩසටහන ලක්ෂපාන යුධ හමුදා කදුවුරේ අණ දෙන නිලධාරි ලුතිනන් කර්නල් නිලන්ත ගුණවර්ධන මහතා විසින් සංවිධානය කර තිබුණි.

යුධ හමුදා මුලස්ථානය , දියතලාව , බදුල්ල , ලක්ෂපාන , මහනුවර  සහ නුවරඑලිය යුධ හමුදා කදවුරු වල තුන්සියයකින් සමන්විත භට පිරිසක් සහ නිලධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් ශ්‍රි වන්දනා වාරය ආරම්භ විමට ප්‍රථම ශ්‍රි පාද උඩමළුවේ සිට නල්ලතන්නියේ දක්වා මාර්ගය දෙපස සුද්ද පවිත්‍ර කිරිම සහ අවාරයේදි එම මාර්ගයේ සංචාරකයන් විසින් පරිසරයට මුදා හැර තිබු කැලි කසල සහ අපද්‍රව්‍යය රැගෙන ඒමද මෙම පරිසර වැඩසටහනට සමගාමිව සිදු කෙරිණ.




ශ්‍රි පාද උඩ මළුවේ සිට පහලට රැගෙන එන ලද කැලි කසල සහ අපද්‍රව්‍යය යුධ හමුදා නිලධාරින් විසින් නල්ලතන්නියේදි මස්කෙලිය ප්‍රාදේශිය සභාව වෙත  භාර දෙනු ලැබුහ.

2019-2020 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහො දිනයෙන් ආරම්භ කිරිමට නියමිතය.

යුධ හමුදාව විසින් ශ්‍රි පාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදු කල පරිසර වැඩසටහනට සමගාමිව මස්කෙලිය සමන් දේවාලයේ විශේෂ ආශිර්වාද පුජාවක්ද පැවැත්විමෙන් අනතුරුව නල්ලතන්නිය නගරයේදි ද ආගමික වතාවන් පැවැත්විමෙන් අනතුරුවයි පරිසර වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ.

මෙම අවස්තාවට අඹගමුව ප්‍රාදේශිය ලේකම් ,ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරින් ඇතුළු නල්ලතන්නිය පොලිසියේ සහ  මස්කෙලිය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් රැසක් සහභාගි වි සිටිහ.

Scroll to Top