පාසල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබද ගුරු – විදුහල්පති වෘත්තීය සමිතිවල ස්ථාවරය අද නිල වශයෙන් ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.
පළමු අදියර යටතේ ලබන 21 වනදා සිට පාසල් විවෘත කිරීමටයි රජය තීරණය කර තිබුනේ.
සියලු සංගම් ඒකාබද්ධව ගන්නා ලද තීරණය අද දින දැනුම් දීමට නියමිත බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඥාසේකර හිමියන් ප්රකාශ කළා.