Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අද ප.ව. 3.30ට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ T20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

7 වැනි වරටත් පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය අද (17) එක්සත් අරාබි එමීර්හිදී ආරම්භ වේ.

අවසන් වරට 2016 වසරේදී ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇති අතර මෙවර එය පැවැත්වෙන්නේ වසර පහකට පසුවය.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භ කරමින් ඕමානය සහ පැපුවානිව්ගිනියාව ‘බී’ කාණ්ඩයෙන් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය අද (17 ) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට ආරම්භ වීමට නියමිතය.

අදාළ ‘බී’ කාණ්ඩයට බංග්ලාදේශය, පැපුවානිව්ගිනියාව, ස්කොට්ලන්තය සහ ඕමානය ඇතුළත් වන අතරවාරයේදී ‘ඒ’ කාණ්ඩයට අයර්ලන්තය, නැම්බියාව, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඇතුළත්ව සිටී.

ශ්‍රී ලංකාව ලබන 18 වැනිදා නැම්බියාව සමගත්, ලබන 20 වැනිදා අයර්ලන්තය සමගත්, ලබන 22 වැනිදා නෙදර්ලන්තය සමගත් ක්‍රීඩා කරනු ඇත. එම සියලුම තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට පැවැත්වෙනු ඇත.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඒ ඒ කාණ්ඩයේ මුල් ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙකකට ලබන 23 වැනිදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන ප්‍රධාන තරගාවලියට එක් වීමේ අවස්ථාව උදා වේ.

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ක්‍රීඩා ඇඳුම් දෙකක් නිර්මාණය කර තිබේ.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ නිල අනුග්‍රාහකයා වශයෙන් ඇස්ට්‍රෝ පේ ආයතනය ඉදිරිපත්ව සිටී.

 

Scroll to Top