Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහවැලියටත් පාට් දමා අලි කොරිඩෝවේ ඉඩම් අල්ලා ගනීයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය යෝජිත අලි කොරිඩෝවේ, රක්ෂිත බිම් කොටස් බලහත්කාරයෙන් අත්පත් කරගත් සංවිධානාත්මක පිරිසක් එම කොටසට පිවිසීමට ඩෝසර් යොදා පිවිසුම් මාර්ගයක් ඉදි කරන බවට ලද 119 දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය ප්‍රකාශ කළේය.

මහියංගණය, ගිරාඳුරුකෝට්ටේ, උල්හිටිය ගම්මානයේ, වී මෝල් සංකීර්ණ ප්‍රදේශයේ, උල්හිටිය පෙදෙසෙහි පිහිටුවීමට යෝජිත, වස්ගමුව හා මාදුරුඔය වන උද්‍යානය යා කරනා ‘වන අලි කොරිඩෝව’ (වන උද්‍යාන දෙකක් අතර වන අලි ගමන් කිරීමට වෙන් කරන ලද මාර්ගය) සඳහා වෙන් කිරීමට යෝජනා කර ඇති බිම් කොටස දේශපාලන බලය යොදා ගනිමින් සංවිධානාත්මක පිරිසක් පසුගිය මාසය ඇතුළත බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එම පිරිස රක්ෂිත කැලෑ එළි කරමින්, භූමිය කොටස් කර ගනිමින්, කුඩා කූඩාරම් නිවාස ඉදි කරමින්, ඇතැමුන් බ්ලොක් ගල් යොදා ගනිමින් ස්ථිර නිවාස තැනීම ආරම්භ කරමින් සිටිනා බවට ද ඔවුහු පෙන්වා දෙති.

මේ අතරතුර මහවැලි නිලධාරීන්ගේ ද කිසිදු අවසරයකින් තොරව ඩෝසරයක් යොදා පිවිසුම් මාර්ගයක් කැපීම ආරම්භ කර තිබේ.

Scroll to Top