Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය චෙන්නායි පිලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය සිව්වන වරටත් දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේදී බොලිවුඞ් සුපිරි නලූ ෂාරුක්ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමින්.

ඩුබායි හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලූ 3ක් දැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත්වුණා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 59කදී ලකුණු 86ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමගින්.

පිළිතුරු ඉනිම කි්‍රීඩා කළ කොල්කටා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි. ආරම්භක කඩුල්ල සදහා වෙන්කටේෂ් අයියර් හා ෂුබ්මන් ගිල් ලකුණු 91ක සබදතාවයක් ගොඩ නැගුවද සෙසු පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් කොල්කටා කණ්ඩායමට පරාජය අත්වුණා.

Scroll to Top