Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලෝකයම හදිසි තත්ත්වයකට – අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමස්ත ලෝකයම දේශගුණික වශයෙන් හදිසි තත්ත්වයකට මුහුණ පාමින් සිටින බව විදෙස් පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවත් ලෝක ජනතාවටම මෙම තත්වයට මුහුණදීමට සිදුවන බවත් විද්‍යාඥයින් 11000කින් පමණ සමන්විත කණ්ඩායමක් විසින් තහවුරු කර ගෙන තිබේ.

පර්යේෂකයින් විසින් වසර 40ක දත්ත අනුසාරයෙන් සිදු කරන ලද මෙම අධ්‍යයනය මගින් නිගමනය කර ඇත්තේ ගැඹුරු හා දීර්ඝ කාලීන වෙනසක් නොකිරීම හේතුවෙන් මෙම අර්බුදයට පිළියම් සෙවීමට රට රටවල රජයයන් අසමත් වී ඇති බවයි.




සැලකිල්ලට ගැනුණු දර්ශක අතරට ජනගහනයේ සහ සත්ත්වගහනයේ වර්ධනය, ඒක පුද්ගල මාංශ නිෂ්පාදනය, ගෝලීය වෘක්ෂලතා විනාශය මෙන්ම ෆොසිල ඉන්ධන පරිභෝජනය ද අයත් අතර එම දර්ශකවලින් වැඩි සංඛ්‍යාවක් වැරදි දිශාව කරා යොමු වෙමින් පවතින අතර එමගින් දේශගුණික හදිසි තත්ත්වයක් ඇති විය හැකි බවයි.

Scroll to Top