Aboutceylon Online

මිල වැඩිවීමත් සමග ගෑස්, කිරිපිටි,සිමෙන්ති,තිරිඟුපිටි තොගපිටින් වෙළෙඳපොලට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අහෝසි කළ පසු සදුදා(11) සිට එම භාණ්ඩ තොගපිටින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට සමාගම් සූදානම් වෙයි.

මෙම භාණ්ඩ පාලන මිලෙන් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බැවින් ඊයේ (08ද) රාත්‍රියේ සිට පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය ඉවත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලාෆ් හා ලිට්රෝ ගෑස් සමාගම් විශ්වාසය පළ කරයි.

කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් දෙසීයකින් වැඩි කිරීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් කිරිපිටි සමාගම් අතර පැවැති සාකච්ඡාවකදී සමාගම් ප්‍රකාශ කර ඇත්තේ කිරිපිටි මිල රුපියල් තුන්සිය පනහකින් වැඩි කළ යුතු බවයි.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් දහයකින් වැඩි කෙරෙන අතර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් පනහකින් වැඩි කිරීමට නියමිතයි.

Scroll to Top