ශ්‍රී ලංකාව තුළ කරාතේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම තුලින් තුළින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා සිසිර කුමාර මහතා අමිල මෙහෙයක් ඉටු කළේය.
පුද්ගලයින් තුළ අභ්‍යන්තර හා ශාරීරික ගුණාංග වර්ධනය කරන මෙම ජපන් සටන් කලාව කෙරෙහි දැඩිව බැඳුණු සිත් ඇති කුමාර මහතා, දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ දිවයින පුරා පාසල් හා විද්‍යාල හරහා කරාතේ ක්‍රීඩාව ශ්‍රී ලාංකික ජනතාව වෙත සමීප කරවීමට ඉමහත් කැපවීමකින් කටයුතු කරනු ලබයි.
ඔහුගේ නොපසුබස්නා උත්සාහය හමුවේ, කරාතේ ක්‍රීඩාව ජනප්‍රියත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් දෙවැනි වෙමින්, අද වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මිලියන භාගයකට නොඅඩු සංඛ්‍යාවක් මෙම ක්‍රීඩාව ප්‍රගුණ කරමින් සිටිති. 2020 පෙබරවාරි මාසයේදී, ශ්‍රී ලංකා කරාතේ-දෝ සම්මේලනය හා ජපාන තානාපති කාර්යාලය එක්ව, 3000 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් යුක්තව, “ජපාන තනාපති ශූරතා කරාතේ ශූරතාවලිය” සාර්ථකව පවත්වන්නට යෙදුණි.
ලෝකවාසීන් තුල මහත් උද්යෝගයක් හා ස්ථිරසාර බලාපොරොත්තුවක් ඇති කරවමින්, මෙම වසරේ අගෝස්තු මස අවසන් වූ, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා නව ක්‍රීඩාවක් ලෙස කරාතේ ක්‍රීඩාව නිළ වශයෙන් ඇතුලත් කරන ලදී. මතු යම් දිනෙක සිසිර “සෙන්සේ” (ගුරුතුමා) යටතේ කරාතේ පුහුණුව ලැබූ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ඔලිම්පික් උළෙලේදී පදක්කම් ජයග්‍රහණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.
පසුගිය දිනෙක පවත්වන්නට යෙදුණු දකුණු ආසියානු කරාතේ සම්මේලන නිළවරණයේදී, කුමාර මහතා වර්ෂ 2021-2025 කාලය සඳහා, එහි සභාපති ධූරය සඳහා තේරීපත් විය.
දකුණු ආසියාව තුළ කරාතේ ක්‍රීඩාව ප්‍රවර්ධනය උදෙසා, කුමාර මහතා හා ශ්‍රී ලංකා කරාතේ-දෝ සම්මේලනය විසින් දක්වා ඇති දායකත්වය සම්බන්ධයෙන් ඇති කලාපීය පිළිගැනීම පිළිබිඹු වන මෙම අවස්ථාවේදී, ජපාන තානාපති කාර්යාලය වෙතින් ඔවුන් වෙත උණුසුම් සුභ පැතුම් පිරිනමයි.
“The Order of the Rising Sun” සම්මානය, ජපානයේ අධිරාජ්‍ය උතුමාණන් ගේ නාමයෙන්, ජපාන රජය විසින්, ජාත්‍යන්තර සබඳතා හා ජපාන සංස්කෘතිය ප්‍රවර්ධනයේ ලා, කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් පුද්ගලයින් හට පිරිනමනු ලබන ඉහළම සම්මානයයි.