Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කථාව අදහස දැක්ම හොඳ වුණාට ඒක මහ පොළවේ පැළ කරන්න ඡන්ද ලක්ෂ 65 ක් අවශ්‍යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රට ගැන හිතන, දේශපාලනය එපා වුණ තරුණයින් ජනතා විමුක්ති පෙරමුණ හෝ මහේෂ් සේනානායක හොඳයි කියලා තේරුවොත් තමන්ගේ මංගල ඡන්දය මේ රටේ තීරණාත්මක මොහොතේදී නොවටිනා පැත්තකට දීලා ජීවිතේ ගහන පළමුවැනි කතිරය රට වෙනුවෙන් නැතිව, ගම වෙනුවෙන් නැතිව, තමන් වෙනුවෙන් නැතිව අපරාදේ නාස්ති කරනවා.

ඒ අයගේ කථාව හොඳයි- අදහස හොඳයි දැක්ම හොඳයි.හැබැයි ඒ අයගේ කථාව හොඳ වුණාට,අදහස හොඳ වුණාට, දැක්ම හොඳ වුණාට ඒක මහ පොළවේ පැළ කරන්න නම් 16 වැනිදාට ඡන්ද ලක්ෂ 65 ක් අවශ්‍යයි.ඡන්ද ලක්ෂ 65 ක් ගන්න බැරි නම් ඒක මහ පොළවේ පැළ කරන්න බෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය, එහිදී ප්‍රබල එ.ජා.ප ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්වැල් බැඳ ගත්හ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,




 සියළු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාක්ෂිකයින්ගෙන් අපි කරන එකම ඉල්ලීම තමයි අපේ තිබුණ පරණ ආරවුල දැන් ලිහාගන්න, ආරවුල් ගමේ හදාගන්න එපා,ආරවුලක් දිගට ගියොත් වෙන්නේ අපි දෙගොල්ලන්ගේම පරාජය.ඒ නිසා ගම සමඟි වෙන්න,එකතු වෙන්න කියන ඉල්ලීම විශේෂයෙන් කරනවා.

මේ රට තුළ පළමුවරට ඡන්දය භාවිතා කරන ලක්ෂ 08-10 ක් අතර පිරිසක් ඉන්නවා.මංගල ඡන්දය, කුළුඳුල් ඡන්දය භාවිතා කරන්න බලන් ඉන්න තරුණ පරම්පරාව, වැඩිහිටියෝ කියන විදිහට ඉන්න පරම්පරාවක් නෙමෙයි.ඒ අය තාක්ෂණය අතේ තියෙන, ලෝකය දැකලා තියෙන, ලෝකය අහලා තියෙන, අපිට කලින් පරම්පරා වගේ අම්මා -.තාත්තා නිසා ඒ පක්ෂයේ ඉන්න තරුණ පරම්පරාවක් අද නෑ, ඒ තරුණ පරම්පරාව බලාපොරොත්තු වෙන්නේ ඒ අයගේ අනාගතය, රටේ අනාගතයයි.හැබැයි ඒ තරුණයෝ  අතර වුණුත් එපා- මුණුත් එපා, කවුරුත් හොඳ නෑ කියලා මත වාදයක් තියෙනවා.

හැබැයි ඒ අයට අපි මතක් කරන්න අවශයයි මේ අපේ රටේ නායකයා තෝරන මැතිවරණය, වුණුත් එපා -මුණුත් එපා කියලා මොකෙක් හරි නායකයා වුණොත් හරියනවාද? එහෙනම් තරුණයින්ගේ වගකීම  වුණුත් එපා -මුණුත් එපා කියන එක නෙමෙයි වඩා හොඳම කෙනා තෝරාගන්න, හොඳම කෙනා නැති වෙන්න පුළුවන්, නමුත් වඩා හොඳම කෙනා තෝරා ගන්න,දේශපාලනය එපා වෙන්න පුලුවන් හැබැයි දේශපාලනයෙන් තොරව නායකයෙක් තෝරන්න පුළුවන්කමක් නෑ.

එපා වෙච්ච දේශපාලනය තුළින්, නරක අඩුපාඩු තියෙන දේශපාලනය තුළින්මයි අපිට දේශපාලනය සුද්ධ කරන්නයි, රටේ අනාගතය සුභවාදී කරන්නයි ,නායකයා තෝරන්නයි මේ හැමදේම අපිට කරන්න වෙන්නේ මේ තියෙන වටපිටාව තුළයි.සමහර වෙලාවට තරුණයකුට හිතෙන්න පුළුවන් ප්‍රධාන පක්ෂ වල අයට ප්‍රශ්න තියෙනවා,ඒ නිසා අපිට ජනතා විමුක්ති පෙරමුණ හොඳයි කියලා, එහෙම නැත්නම් මහේෂ් සේනානායක හොඳයි කියලා හිතෙන්න පුළුවන්,ඒ අයගේ කථාව හොඳයි- අදහස හොඳයි දැක්ම හොඳයි.හැබැයි ඒ අයගේ කථාව හොඳ වුණාට,අදහස හොඳ වුණාට, දැක්ම හොඳ වුණාට ඒක මහ පොළවේ පැළ කරන්න නම් 16 වැනිදාට ඡන්ද ලක්ෂ 65 ක් අවශ්‍යයි.

ඡන්ද ලක්ෂ 65 ක් ගන්න බැරි නම් ඒක මහ පොළවේ පැළ කරන්න බෑ, රට ගැන හිතන, දේශපාලනය එපා වුණ තරුණයින් ජනතා විමුක්ති පෙරමුණ හෝ මහේෂ් සේනානායක හොඳයි කියලා තේරුවොත් තමන්ගේ මංගල ඡන්දය මේ රටේ තීරණාත්මක මොහොතේදී නොවටිනා පැත්තකට දීලා ජීවිතේ ගහන පළමුවැනි කතිරය රට වෙනුවෙන් නැතිව, ගම වෙනුවෙන් නැතිව, තමන් වෙනුවෙන් නැතිව අපරාදේ නාස්ති කරනවා.




ඒ නිසා සියළු තරුණයින්ට ආරාධනා කරනවා ප්‍රශ්න අඩු තැනින් පටන් ගමු, ගැටලු අඩු තැනින් ගමන පටන් ගමු,නරක අඩු තැනින්- හොඳ වැඩි තැනින් ගමන පටන් ගමු, ඒ තුළින් ඒ තරුණ පරම්පරාවට පුළුවන්කම තියෙනවා තමන්ගේ ජවයත් එක්ක මේ රට හදන්න, ගම හදන්න, නායකයොන්ට පණිවිඩය දෙන්න පුළුවන්කම ලැබෙනවා.ඒ නිසා සියලු තරුණයින්ට ආරාධනා කරනවා ප්‍රශ්න අඩු තැන- ප්‍රශ්න අඩු කඳවුර මෙතන, ගැටලු අඩු කඳවුර මෙතන,ඒ නිසා මේ කඳවුරේ හිටගෙන රටේ අනාගතය වෙනුවෙන් කතිරය ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා.

දැන් ජනාධිපති අපේක්ෂකයෝ ඉල්ලන දෙයක් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉල්ලන්නේ මොනවද? යන ප්‍රදේශයේ අඩුපාඩුව මොකක්ද, හැමදේම දෙන්න සූදානම් වෙලා ඉන්නවා.එකක් දුන්න අපිට දැන් දෙකක් දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා.දෙකක් තියෙන අපිට තුන්වැනි එක දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නවා.සමහර නායකයෝ තමන්ට ජනාධිපතිකම ලැබෙනවා නම් ඕනෑම දෙයක් දෙන්න, පොරොන්දු වෙන්න පුරුදු වෙලා තියෙනවා.දැන් සමහර අය දුප්පත්කමේ අයිතිකාරයෝ වෙලා තියෙනවා.

අපිව දුප්පත් කරලා තියෙන්නේ දේශපාලඥයෝ.හොරකම් කරලා නෙමෙයි, හැමදේම අපිට දෙන්නම හදලා, අපිව අත-පාන ජාතියක් බවට පත් කරලා තියෙන්නේ මේ රටේ දේශපාලඥයෝ, සමෘද්ධිය වෙනුවට ජනසවිය දෙන්නම් කියනවා නම් හැමදාම අපි දුප්පත් වෙලා ඉන්නද, අතපපා ඉන්නද,අපි ආඩම්බරයෙන් කියන්න අවශ්‍යයි අපි අතපාන ජාතියක් නෙමෙයි.




අපිව අතපාවන්න හදන්නත් ලෑස්ති වෙන්න එපා.එකක් තියෙන අපිට දෙකක් දෙන්නම් කිව්වම මේ රට කවදාවත් නැගිට්ටවන්න බෑ, අපිට අවශ්‍යය ජාතියක්, රටක් නැගිට්ටවන වැඩපිළිවෙලක්,අනාගතය සුරක්ෂිත වෙන වැඩපිළිවෙලක් එහෙම නැතිව එකක් දුන්න අපිට දෙකක් දෙන්නම් කිව්වම,අපේ ඔලුව, මනස වට්ටලා හැමදාම අපිව දුප්පත්කමේ තියන්න හදන නායකයොන්ගෙන් මේ රටට වැඩක් වෙන්නේ නෑ.

ඒ නිසා අපිගාව තියෙනවා රට හදන වැඩපිළිවෙල, අපිගාව තියෙනවා ජාතියක් නැගිට්ටන වැඩපිළිවෙල,මේ රටේ අනාගත පරපුර වෙනුවෙන්, අපේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුරක්ෂිත රටක් ඇති කරන, ශක්තිමත් ආර්ථිකය හදන වැඩපිළිවෙල තියෙනවා මෙතන ඒ නිසා සියලු තරුණයින්ට ආරාධනා කරනවා රට හදන කණ්ඩායමේ, රට ගොඩනගන කණ්ඩායමේ කොටස්කරුවෙක් වෙන්න කියා යැයි පැවසීය.

Scroll to Top