Aboutceylon Online

දිවයිනට කාළගුණය අයහපත් – ජලාශවල ජල මට්ටම ඉහළට – අනතුරු ඇඟවීම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල අද (06) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ රක්ෂිත ප්‍රදේශවලට පවතින වැසි තත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ යාමත් සමග කුලේ ගග ජලාශයේ වාන් දොරටු රාත්‍රි 10.15ට විවෘත කර ඇත.  තත්පරයට ඝන මීටර් 130ක්  ජලය පිට කරන බව එහි නිලධාරිහු පවසති.

පවතින වැසි තත්වය හේතුවෙන් කුඩා ගගේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බවත් මෙම වැසි තත්වය තවදුරටත් පැවතිය හොත් කුඩා ගග දෙපස පහත් බිම් ජලයෙන් යටවීමේ අවධානමක් හා ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙස බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දන්වා සිටියි.

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

නායයෑම් පිළිබඳ මෙම පෙර අනතුරු ඇගවීමේ නිවේදනය අද පස්වරු 06 දක්වා  වලංගු වන පිරිදි නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව ගාල්ල, කළුතර, රත්නපුර ආදී දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Scroll to Top