තමන් සැමවිටම පෙනී සිටින්නේ රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාවක් වෙනුවෙන් නොව රට එක්සේසත් කරන ඒකීය ව්‍යවස්ථාවක් වෙනුවෙන් යැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට චෝදනාවක් එල්ල කරන බවත් එම චෝදනාවෙන් ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට තමන් රට බෙදීමේ යෝජනාවකට කිසිදු ආකාරයකින් එක්ව නොමැති බව හේවාහැට, තලාතුඔය නගරයේ දී පැවති ජන හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ රටේ ස්වෛරිත්වය සහ භෞමිඛ අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමයි මගේ වගකීම සහ යුතුකම සහ ප්‍රතිපත්තිය වන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් යන වචනයක් යොදා ගනිමින් මට ෆෙඩරල් ඔටුන්න පළඳවන්න හදනවා.
විදෙස්ගතව ඔබතුමා සහ හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා දහතුන්වන ව්‍යවස්ථාවක් පිළිබදව පොරොන්දුවක් ලබා දුන්නා. 13 ප්ලස් කියන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක්. සජිත් ප්‍රේමදාස ළඟ කිසිදු ෆෙඩරල් ව්‍යවස්ථාවක් නැහැ.
අප ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාව ඒකීය ව්‍යවස්ථාවක් බව මම කියන්න කැමතියි. එක්සත් යන වචනයෙහි කිසිදු වරදක් නැහැ. එයින් අදහස් කරන්නේ එක්සේසත් වූ යන බවයි.
නමුත් මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය එක්සත් යන වචනය ෆෙඩරල් බවට පත්කර ගැනීමටයි. විදෙස්ගත වූ විට තර්ටීන් ප්ලස් කියන මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණි විට තර්ටීන් මයිනස් යනුවෙන් ප්‍රකාශ කරනවා.
දිව දෙකේ දේශපාලනය කරන්නේ කවුද යන්න රටේ ජනතාව ඉතාමත්ම හොඳින් දන්නවා. ඒකීය ව්‍යවස්ථාව තරයේම විශ්වාස කරන ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුත් නොව සජිත් ප්‍රේමදාස යැයි සඳහන් කරන්න කැමතියි.
බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී සම්බුද්ධ ශාසනය මම ආරක්ෂා කරන අතර අනෙකුත් ආගම් ද ආරක්ෂා කොට රැකවරණය ලබා දෙනවා යැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.