එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට අමතරව ඩුබායි වෙත රැගෙන යන අමතර ක්‍රීඩකයින් පස්දෙනා අද නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.
පැතුම් නිස්සංක, මිනෝඩ් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් එම ක්‍රීඩකයින් වෙයි.
ඔවුන් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා T20 සංචිතයේ මුළු ක්‍රීඩකයින් ගණන 23කි.
ඔවුන් ඔක්තෝබර් 3 වනදා ඕමානය බලා පිටත් වෙයි.