යාචකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් සිදු කරනු ලැබුහ.
තලවකැලේ නගරයේ යාචකයන් වෙසෙන ස්ථාන වෙත ගොස් එම යාචකයන්ගේ ඡායාරුපයක් ගෙන එම යාචකයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අතර , දෙවන එන්නත එම ඡායාරුපය පරික්ෂා කර බලා ලබාදිමට පියවර ගන්නා බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ජනත් අබේගුණරත්න මහතා කියා සිටියේ.
තලවකැලේනගරයේදි යාචකයන් 15 දෙනෙකුට අදාල එන්නත ලබා දි ඇත.
හැටන් – රංජිත් රාජපක්ෂ