ජපානයේ යොකොහමා ක්රීඩාංගණයේදී අද පැවැති රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී දකුණු අප්රිකාව තුන් වැනි වරටත් ලෝක කුසලාන රග්බි ශූරතාව දිනා ගත්තේ එංගලන්ත කණ්ඩායම පරාජය කරමිනි.
එංගලන්තය ලකුණු 32 – 12 ක් ලෙසින් පරාජය කළ දකුණු අප්රිකානුවෝ වෙබ් එළිස් කුසලාන දිනාගත්හ.
දකුණු අප්රිකාව දඬුවම් පහර 6 කින් සහ ගෝල දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත්තේය.
පළමු අර්ධය නිමා වනවිට දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු 12 – 06 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
දෙවැනි අර්ධයේදී දකුණු අප්රිකාව තවත් ලකුණු 20 ක් රැස් කළේ ය.
එංගලන්ත ක්රීඩකයින්ට එම අර්ධයේදී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 6 ක් පමණි.
ලකුණු 32 ට 12 ක් ලෙස ජය තහවුරු කර ගත් දකුණු අප්රිකාව තුන් වැනි වරටත් රග්බි ලෝක ශූරයින් බවට පත් විය.
ජයග්රාහී දකුණු අප්රිකා ක්රීඩකයින් උත්සාහක දිනුම් 2 ක්, ප්රවර්ථන 2 ක් සහ දඬුවම් පහර 6 කින් ලකුණු රැස් කළේ ය.