Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහේල යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

ජෛව බුබුල යටතේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී එක්වනු ඇති.

මහේල මේවන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට ද කටයුතු කරනවා.

ඕමානයේ දී පැවැත්වීමට නියමිත මූලික වටයේ තරඟ සඳහා පමණක් මහේල මෙම ධුරයේ කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මහේල ජයවර්ධන ඔක්තෝබර් 16 වනදා සිට 23 වනදා දක්වා සතියක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටිනු ඇති.

එම සතියක කාලය තුළ ශ්‍රී ලංකා පිල පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා එක්වනවා.

ශ්‍රී ලංකා පිල එම කාලය තුළදී නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි.

ලබන වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම්වීම සඳහා එම කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන මෙන් කරන ලද ආරාධනාව මහේල ජයවර්ධන මෙලෙස පිළිගෙන තිබෙනවා.

මාස 5 ක කාලයක් පුරා එම සේවය මහේල ජයවර්ධන විසින් ලබා දෙන්නේ වැටුප් ලබා ගැනීමකින් තොරව ගරු සේවයක් ලෙසින්.

 

Scroll to Top