Zoom App ගෝලීය වසංගත තත්ත්වය හමුවේ විශාල ප්‍රමාණයක් තමන්ගේ අදහස් හුවමාරු කර ගන්නට අධ්‍යාපන කටයුතු සිදු කරගන්නට භාවිතා කරන සුවිශේෂී App එකක් බව ඔබ දන්නවා. Work From Home කියන Concept නිසාම රැකියා කටයුතු සහ අධ්‍යාපන කටයුතු නිවසේ දී සිදු කරගන්නට මිනිසුන්ට සිදුව තියෙනවා.
මේ Zoom කියන්නේ cloud එක මත පදනම් වුණු විඩීයෝ සන්නිවේදන යෙදුමක්.එහි Vedieo and Audio සංවාද, Live chats Screen – sharing වැනි අවස්ථා රාශියක්ම පවතිනවා.
Zoom ඇප් එකේ නිර්මාතෘ චීනයේ එරික් යූ ආන් කියන පුද්ගලයායි. ඔහු 1970 වසරේ දී චීනයේ Shandong ප්‍රදේශයේ උපත ලැබූ අයෙක්.
Zoom පිළිබඳව සංකල්පය ඇතිව තිබුණේ ඔහුට වයස අවුරුදු 18 දී. ඒ ඔහු බෙහෙවින් ආදරය කළ පෙම්වතිය නිසා.
ඔහුත් ඔහුගේ පෙම්වතියත් එකිනෙකාට දුරස්ව පිහිටි කොලේජ් දෙකක අධ්‍යාපනය ලැබූ නිසා අවුරුද්දකට දෙවතාවකට වඩා ඔවුන්ට හමුවෙන්නට දකින්නට අවස්ථාව ලැබුණේ නැහැ.
ඉතින් මේ හේතුව නිසාම ඇය සමඟ අදහස් හුවමරු කරගන්නට ඇයව දිනපතාම දැක ගන්නට මොකක්හරිම දෙයක් කළ යුතුය යන අදහස ඔහුට එනවා.
එරික්ට පළමු රැකියාව ලැබෙන්නේ WebEX ආයතනයේ.
කොහොමනමුත් ඒ අභියෝගයත් ඔහුගේ උත්සාහය නිසාම ඔහු ජයගනු ලබන අතර WebEX ආයතනය Cisco ආයතනය යටතට ගැනීමෙන් පසුව එරික්ට උසස්වීමක් ද හිමිවෙනවා.
ඔහුට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට නොහැකිවීම නිසා අපහසුතාවයට පත්වෙන්නටත් සිදුවෙනවා.
ඒ අපහසුතාවයන් නිසාම කලක් මතකයෙන් ගිලිහී ගිය Zoom සංකල්පය කෙරෙහි මොහු නැවත අවධානය යොමු කරනවා.
මේ ගැටළුවලට තාක්ෂණික විසඳුමක් සොයාගන්නට එරික් සමාගමෙන් ඉවත්ව තමන්ගේ ගමනක් සඳහා සාර්ථක පියවරක් තැබුවා.
ඉතින් වරින් වර තමන්ගේ සිතට පැමිණි සංකල්පය කෙරෙහි අවධානය ගිලිහී ගියත් පසුව ඔහුගේ ස්ව උත්සාහය නිසාම ඔහු සාර්ථක වෙනවා.
ඔහුගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට අද මුළු ලෝකයේම ජනප්‍රිය Zoom App එක බිහිවෙනවා.
කොරෝනා වසංගතය ඔහුට වසන්තය ළඟා කර දුන් බව පැවසීම සාවද්‍ය නොවුණත් ඒ සියල්ලටම වඩා ඔහු තුළ තිබුණු උත්සාහය හා නිරන්තර කැපවීම ඔහුට තමන්ගේ අරමුණ කරා යන්නට සුවිශේෂී ශක්තියක් වුණා.
2013 ජනවාරි මාසයේ දී වෙළඳපොළට ඉදිරිපත් කර මාස කිහිපයකට පමණ පසුව Zoom සමඟ මේ වෙද්දි මුළු පරිශීලකයන් දිනකට මිලියන 200 දක්වා වැඩිවීමක් වී ඇත්තේ එහි ඇති අසීමිත සේවාවන් නිසාවෙනි.
2021 වසරේ ජූලි 31 න් අවසන් වන මාස දොළහ සඳහා Zoom හි ආදායම ඩොලර් බිලියන 3.637 ක් දක්වා වැඩි වී තිබෙනවා.