Aboutceylon Online

බීජ ආනයනයට වසරකට කෝටි 200ක් වැය කරනවා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාව රුපියල් කෝටි 200ක මුදලක් වාර්ෂිකව බීජ ආනයනය සඳහා පමණක් වැය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තු‍වේදී  ප්‍රකාශ කළේය.

මෙවැනි විශාල මුදලක් වාර්ෂිකව වැය කර ඇති බව කනගාටුවෙන් වූවද සඳහන් කළ යුතු බවත්, මෙම තත්ත්වය ක්‍රමානුකූලව ‍වෙනස් කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

බීජ ආනයනය සඳහා වැය කරන මුදල විශාල මුදලක් වන බැවින් ඉදිරියේදී මෙරට නිෂ්පාදනය කළ හැකි සියලුම බීජ වර්ග මෙරට නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා අතර මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Scroll to Top