තලවකැලේ ලිදුල නගර සභා බල ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය සදහා නගර සභාව විසින් අනුමත කරගත් රු මිලියන 25 සංවර්ධන කටයුතු අතරමග නතර කර ඇති බව තලවකැලේ ලිදුල නගර සභා බල ප්‍රදේශයේ ජනතාව චෝදනා කර සිටියි.
නගර සභා බල ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ කටයුතු මිට මාස 04 කට පමණ ප්‍රථම ආරම්භ කර එම සංවර්ධන කටයුතු මේ වන විට තාවකාලිකව නගර සභාව විසින්ම නතර කර දමා ඇති බවයි තලවකැලේ ලිදුල ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
තලවකැලේ ලිදුල නගර සභා සිමාවේ වතු සහ ගම්මාන මාර්ග සංවර්ධනය , කාණු පද්ධති සකස් කිරිම, ඇතුළු සංවර්ධන කටයුතු 20 කට අධික ප්‍රමාණයක් සදහා වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය විසින් ඒ සදහා ඇස්තුමේන්තු ගත මුදල වන රු මිලියන 25 ක ප්‍රතිපාදන නගර සභාව වෙත වෙන් කර ඇත.
වෙන් කර ඇති ප්‍රතිපාදන වලින් එම සංවර්ධන කටයුතු මේ වසර අවසාන විමට ප්‍රථම සිදු කර අවසන් කල යුතු වුවත්, අතරමග නතර කර ඇති සහ තවම ආරම්භ කර නොමැති අනුමත සංවර්ධන කටයුතු මෙතෙක් අරම්භ කර නොමැති බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
ප්‍රදේශවාසින් නගන චෝදනා සම්බන්ධයෙන් අප තලවකැලේ ලිදුල නගර සභාවේ වැඩ බලන සභාපති එල්.භාරතිදාසන් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ තම නගර සභාවේ පාලක පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් විසින් තමන් සම්බන්ධයෙන් මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයාට සහ මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස්වරයාට කර ඇති පදනම් විරහිත පැමිණිලි කිහිපයක් හේතුවෙන් එම සංවර්ධන කටයුතු සිදු කිරිමට මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා සහ පලාත් පාලන කොමසාරිස්වරයා මෙතෙක් අනුමැතිය ලබා දි නොමැති බවයි.
එම අනුමැතිය ලැබිමෙන් පසු තලවකැලේ ලිදුල නගර සභා සිමාවේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද තලවකැලේ ලිදුල නගර සභාවේ වැඩ බලන සභාපතිවරයා පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ