සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාර බහාලුම් පර්යන්තයයි. සිය මෙහෙයුම් පුරාවටම තිරසාර ව්‍යාපාරික පුරුදු පවත්වා ගෙන යාම සඳහා වූ සිය කැපවීම මෑතකදී පර්යන්තයේ සිදු කරන ලද මාර්ග අතුරන ව්‍යාපෘතියක් තුළින් SAGT තවදුරටත් තහවුරු කළේය.
නවෝත්පාදන විසඳුමක් ලෙස, ලංකාවේ එක් වරක් භාවිතා කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කාර්මික අමුද්‍රව්‍යයක් බවට පත් කරමින්, විකරණය කරන ලද ප්ලාස්ටික් තාර කොන්ක්‍රීට් (PMAC) මාර්ග ඇතිරීමේ ව්‍යාපෘතියට යොදා ගන්නා ලදී. හරිතාගාර වායූන් අඩු කිරීමට ඉඩ සලසමින් තාර මිශ්‍රනයේ බිටුමන්, පොසිල ඉන්ධන යම් ප්‍රතිශතයකට ආදේශකයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළත් කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් සිය කාබන් පියසටහන අවම කිරීමට SAGT දක්වන කැපවීම අවධාරණය කෙරේ.
මෙම ව්‍යාපෘතිය සඳහා SAGT විසින් විකරණය කරන ලද ප්ලාස්ටික් තාර කොන්ක්‍රීට් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීම නිසා මාර්ග ප්‍රතිසංස්කරණ වාර ගණන අඩුවීමට, පිරිවැය කාර්යක්ෂමතාවයට, මාර්ග ආරක්ෂාව වැඩි කිරීමට සහ සිය කාබන් පියසටහන අවම කිරීමට දායක වේ.
මෙම ව්‍යාපෘතිය එක්සත් ජාතීන්ගේ 13 වැනි තිරසර සංවර්ධන ඉලක්කය (UN SDG) උදෙසා SAGT හි කැපවීම පිළිඹිබු කරයි. අනෙකුත් තිරසාරභාවය ඉලක්ක කරගත් නවෝත්පාදක ව්‍යාපෘති අතර රබර් ටයර් සහිත ජංගම දොඹකර සමූහයේ දෙමුහුන් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සහ යගිරල රක්ෂිතයේ වාර්ෂික නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් ඇතුළත් වේ.
සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) යනු(දළ වශයෙන් 60% ක ශ්‍රී ලංකා කොටස් හිමිකාරිත්වයක් සහිතව) පෞද්ගලික අංශය විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම බහාලුම් පර්යන්තය වේ. එය 1999 වර්ෂයේදී දකුණු ආසියාවට ගෝලීය වෙළෙඳාමේ ප්‍රමුඛතම ද්වාර කේන්ද්‍රස්ථානය බවට කොළඹ වරාය පත් කරමින් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.
අද වන විට පර්යන්තය කොළඹ වරායේ මෙහෙයුම්කරුවන් තිදෙනාගෙන් කෙනෙකු වන අතර ප්රමුඛ පළේ හොඳම තරඟකාරී සේවාවක් ජාත්‍යන්තර බහලුම් නැව්ගත කරන ප්‍රජාවට අඛණ්ඩව ලබා දේ. SAGT යනු ආයෝඡන මණ්ඩලයේ ප්රමුඛ සමාගමක් වන අතර එහි කොටස් හිමියන් අතර – ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මර්ස්ක්/ඒපීඑම් ටර්මිනල්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එවර්ග්‍රීන් මැරීන් කෝපරේෂන් සිටිති.
සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පුද්ගලික සමාගම