Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

2019 ජනාධිපතිවරණය සදහා වු තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම ආරම්භ කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2019 වසර් ජනාධිපතිවරණය සදහා රාජ්‍යය ආයතන වෙනුවෙන් තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම අද (31) උදැසන 8.30 ට ආරම්භ කෙරුණා.

මැතිවරණ නිරික්ෂකයන්ගේ අධික්ෂනය යටතේ සහ පොලිස් නිලධාරින් දැඩි පොලිස් ආරක්ෂා මැද්දේ තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම ආරම්භ කෙරුණේ.

හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් වල ගුරුවරුන්ගේ තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි ආරම්භ කෙරිණ.




හැටන්කලාප අධ්‍යාපන කාර්යයාලයේ යටතේ ගුරුවරුන් දෙදහසකට ආසන්න පිරිසක් තැපැල් ජන්දය ප්‍රකාශ කිරිමට අයදුම් කර තිබු අතර එම මධ්‍යස්ථානය තුල ජන්ද මධ්‍යස්ථාන හතක් ස්ථාපනය කර ඇත.

ජන්දය ප්‍රකාශ කිරිම ආරම්භ  වු වේලාවේ සිට තැපැල් ජන්දය ප්‍රකාශ කිරිමට ගුරුවරුන් දැඩි උනන්දුවක් දක්වනු ලැබුවා.

Scroll to Top