Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පොලිස් සේවය දිනාගත් ජයග්‍රහණ රැකගනිමු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අප බලයට පැමිණි 2015 වසරට පෙර ඉතා දැඩි ලෙස දේශපාලනීකරණය වී, නිසි වටිනාකමක් නොලැබී තිබුණු පොලිස් සේවය වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ ඉතා ශීඝ්‍රයෙන් පරිවර්තනය කිරීමට අපට හැකි විය.

පොලිස් නිලධාරීන් සමාජයේ සියලු දෙනාගේම දුක සැප සොයාබැලුවත්, ඔවුන්ගේ දුක් ගැනවිලි වලට දිගු කාලයක් තිස්සේ පිළියම් ලැබී තිබුණේ නැත. නීතිය හා සාමය භාර ඇමතිවරයා ලෙස පත්වීම් ලැබූ පසු මගේ ප්‍රමුඛ වගකීමක් ලෙස මා සැලකුවේ පොලිස් නිලධාරීන්ගේ මේ දුක්ගැනවිලි වලට විසඳුම් ලබා දීමය.

ඒ අනුව, පොලීසිය දේශපාලන බලපෑම්වලින් හැකිතාක් මුදවාගෙන, ස්වාධීනව සහ වෘත්තීය ගරුත්වයකින් යුතුව රාජකාරි කරගෙන යා හැකි මට්ටම දක්වා පොලිස් සේවය ඉහළට  ඔසවා ලීමට අපි ක්‍රියා කළෙමු. 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ලැබුණු ස්වාධීන පොලිස් කොමිසම ද ඒ සඳහා විශාල ශක්තියක් විය.

එසේම, පොලිස් නිලධාරීන්ගේ නිවාස ප්‍රශ්නයට පිළියමක් ලෙස ගාල්ල, වැකුණගොඩ හා හබරාදූව ප්‍රදේශවලින් නිල නිවාස 292ක් ලබා දීමට හැකි වීම අප ලැබූ විශේෂ ජයග්‍රහණයක් විය.

එතැනින් නොනැවතී, දිවයින පුරා පිහිටි භට නිවාස අලුත්වැඩියා කොට, වෘත්තීය ගරුත්වයකින් යුතුව රාජකාරි කිරීමට අවශ්‍ය පරිසරය සලසා දීමට ද අපට හැකියාව ලැබිණි. දීර්ඝ  කාලයක් තිස්සේ අබලන්ව, නිසි පරිදි අලුත්වැඩියා නොවී පැවති මෙම භට නිවාස නිසා පොලිස් නිලධාරින්ට විඳින්නට සිදු වුණු දුක් ගැහැට කිසිවෙකුටත් රහසක් නොවේ.

පොලිස් නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නය ද දීර්ඝ කාලයක් තිස්සේ විසඳුමක් නැතුව ඇදී ඇදී තිබුණු ගැටලුවක් විය. ඒ ගැටලුවට ද පිළියම් ලබා දෙමින් පොලිස් නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා සියයට 40කින් ඉහළ දැමීමට ඉඩ සැලසුණේ ද වත්මන් රජයේ නායකත්වය යටතේ වීම විශේෂත්වයකි.




එමෙන්ම වසර ගණනාවක් තිස්සේ උසස් වීම් නොලබා දුක් විඳිමින් සිටි සෑම තරාතිරමකම නිලධාරීන්ගේ ගැටලු විසඳා උසස්වීම් ලබා දීමට හැකි වීම මේ මොහොතේ මා ඉතා ඉතා සතුටින් සිහිපත් කරන ජයග්‍රහණයකි.

පොලිස් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එකට එක් කොට වෙනම දිසාවක් ස්ථාපිත කොට විශේෂිත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට එය පත් කිරීම ද අප තැබූ පියවරක් විය. එය සමස්තයක් වශයෙන් රටේ සංවිධානාත්මක අපරාධ ශීඝ්‍ර ලෙස පහළ යාමටත්, මත්ද්‍රව්‍ය වැටලීම් විධිමත් කිරීමටත් බලපෑ ප්‍රබල හේතුවක් විය.

මීට අමතරව පොලිසියට නව යටිතල පහසුකම් සහ පුහූණු වීම් අවස්ථා ලබා දෙමින්, පොලිස් සේවය වඩාත් වෘත්තීයමය මෙන්ම දියුණු සේවාවක් බවට පත් කිරීම සඳහා ද කටයුතු කිරීමට විවිධ අභියෝග මධ්‍යයේ අපට හැකියාව ලැබිනි.




මෙම පරිවර්තනය කොතරම් අනගි එකක්දැයි අපට හොඳින්ම වැටහුණේ පසුගිය දින 52 දේශපාලන කුමන්ත්‍රණය කාලයේදී පොලිස් නිලධාරීන් හට පාර්ලිමේන්තු සභාගර්භය තුළ මිරිස් කුඩු වලින්, පොත්වලින් සහ පුටුවලින් පහර දෙනු මගේ දෑසින්ම දකින්නට ලැබුණු විටය. මට ඒ මොහොතේ හැඟී ගියේ ඒ දර්ශන දකින එම නිලධාරීන්ගේ දෙමව්පියන්ට සහ පවුල්වල සාමාජිකයන්ට කුමක් සිතෙනු ඇති ද යන්නයි .

එමනිසා දිගු ඉඩෝරයකට පසු ලැබුණු මෙම ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින්, මෙබඳු සුවිශේෂ ජයග්‍රහණ සඳහා අනාගතයේ  මං පෙත් පාදා ගැනීමට නිවැරදි නායකත්වයක් යටතේ මේ මොහොතේ අපි පෙළගැසෙමු.

Scroll to Top