Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හම්බන්තොට සහ මාතර මූලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මූලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තැබෙන බව, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි.

අධික වර්ෂාවත් සමග මතුව ඇති ගංවතුර සහ නායයාම් අවදානම හේතුවෙන් ය.

මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් මේ වනවිටත් ජලයෙන් යටවී ඇතැයි  සඳහන් කරයි.

ගාල්ල අවට මුහුදු ප්‍රදේශය හරහා හමාගිය තද සුළගකින් දොඩන්දූව ධීවර වරායේ ආරක්ෂිත ගල්වැටියට හානි සිදුව තිබේ.

කිරම ඔය පිටාර ගැලීම නිසා තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගය ගොඩවානගොඩ ප්‍රදේශය ජලයෙන් යටවි ඇත.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක් අ විවෘත කර ඇත.ඉන් තත්පරයට ඝන අඩි 3628ක ධාරිතාවක් කලා ඔයට මුදා හරියි.රාජාංගනය ජලාශයේ දකුණු ඉවුර සහ වම් ඉවුර යා කෙරෙන ගිරිබාව මාර්ගය ජලයෙන් යටව ඇත.

 

Scroll to Top