අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් කිහිපයක් හටගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ සඳහන් කළේය.
මින් පෙරද ස්ථූපයේ පැළුම් කිහිපයක් හඳුනාගත් අතර ඒවාට හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් දිසානායකගේ මෙහෙයවීමෙන් යුත් උපදේශක කමිටුවක් නිර්දේශ මත පිළියම් කරන ලදි.
නව පැළීම් පිළිබඳ අදහස් දැක්වූ මහාචාර්ය ගාමිණි රණසිංහ පවසනුයේ ස්ථූපයේ හතරැස් කොටුව ආසන්නයේ සිට ගර්භය දෙසට මීටර් 5 ක් පමණ දිග පැළුම් 2 ක් පමණ හඳුනා ගෙන ඇති බවයි. නැවත හටගෙන ඇති මෙම පැලුම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු පැවසී ය.
ලොව විශාලතම ගඩොල් නිර්මාණය ලෙස සැලකෙන ජේතවන දාගැබ අඩි 269 ක් උසින් යුක්තය.