Aboutceylon Online

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු විස්සයි විස්ස අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අද (10) අද රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී ආරම්භ වේ.

කොවිඩ් ආසාදිතව සුවය ලැබු ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අද තරඟය සඳහා සහභාගි වනු ඇති බව වාර්තා වේ.

එක්දින තරඟාවලිය සඳහා සහභාගි නොවු දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් සහ ඩේවිඩ් මිලර් අද තරඟයේ දී කණ්ඩායමට එක්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස ඕමානයට

 

2021 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස ඕමානයට එරෙහිව විස්සයි-20 තරග දෙකකට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔක්තෝම්බර් 03 වැනිදා ඕමානය බලා පිටත්ව යන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී(UAE) පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිත අතර ඊට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලබා දෙනු ලබන පුහුණු තරග දෙකකට ද ඔක්තෝම්බර් 12 සහ 14 යන දෙදින ක්‍රීඩා කිරීමට නියමිතය.

අබුඩාබිහි ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ  නැමීබියාවට එරෙහිව ඔක්තෝම්බර් 18 වැනිදා පැවැත්වීමට නියමිත තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලෝක කුසලාන සටන අරඹන අතර 20 වැනිදා අයර්ලතයට එරෙහිව තරග වදිනු ඇති.

නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තෙවැනි තරගය ඔක්තෝම්බර් 22 වැනිදා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Scroll to Top