විටෙක ඔවුන් ගොවියාගේ හොඳ මිතුරකු සේ සැලකේ. ඊට හේතුව බෝග වගා වනසන පළිබෝධකයන් වූ බොහෝ කෘමි සතුන් ආහාරයට ගන්නා බැවිනි. විද්‍යාඥයන් ඔවුන් හඳුන්වන්නේ පරිසරයේ වෙනස්කම් හුවා දක්වන “ස්වාභාවික දර්ශකයක්” ලෙසිනි.
ඒ රාත්‍රි කාලයේ දී ඔවුන් නිත්‍ය වශයෙන්ම ‘හෙට දවසේ වහිනවාද’ යන පණිවුඩය ලබා දෙමින් හඬ නඟන බැවිනි.
ඒ කෙසේ වෙතත් දැන් දැන් මේ ගෙම්බන් මෙන්ම උන්ගේ සමීපතම නෑයන් වන අනෙකුත් මැඩි වර්ග ද වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබේ.
උන්ගේ වාසස්ථාන නැති වී යාම, පරිසර දූෂණය, ගෝලීය උණුසුම, පරිසරය විස වීම, ආදී හේතූන් නිසා පරිසරයට ඉතා සංවේදී වූ මෙම සත්ත්ව ජීවිත තර්ජනයකට ලක් වී ඇත.
දියගොඩ දෙකෙහිම වෙසෙන සත්ත්ව විශේෂයක් වූ ගෙම්බන් මේ හේතූන් නිසා වඳවී යාමේ ලකුණු පහල වී ඇතැයි සත්ත්ව විද්‍යාඥයෝ හා පරිසරවේදීහු පෙන්වා දෙති.
මේ තත්ත්වය හැරුණු කොට විවිධ මැඩි විශේෂ මුහුණ දී ඇති තවත් අභියෝගයක් තිබේ.
ඒ නම් අනෙකක් නොව මාරාන්තික දිලීර රෝගයකි.‘චයිටී්රඩියෝමයිකොසිස් නම් වූ මෙම මාරාන්තික දිලීර රෝගය නිසා පැනමා රාජ්‍යයේ ද මැඩියන් විශාල වශයෙන් වඳවී ගොස් ඇතැයි පැවසේ.
කෘෂිකර්මයේදී ගොවියාට අතිශයින් සේවයක් සලසන, පාරිසරික වෙනස්කම් කල් ඇතිව දැනුම් දෙමින් මිනිස් වර්ගයාට අමිල සේවයක් සලසන ගෙම්බන් හෙවත් මෙම මැඩි වර්ග ආරක්ෂා කර ගැනීමේ අරමුණින් විද්‍යාඥයෝ දැන් පෙරමුණ ගෙන සිටිති.
ඒ අනුව ලොව සත්වෝද්‍යානවල විද්‍යාඥයන් ජනතාව දැනුවත් කිරීමේ වෘත්තීයමය වැඩසටහන් පවා දියත් කර තිබේ.
ගෙම්බන් රැක ගැනීම සඳහා උන්ගේ වාස භූමි සුරක්ෂිත කරන අන්දමත් ජලමාර්ග අවට බහුලව ජීවත් වන මැඩියන්ගේ ජීවිතවලට බලපාන තර්ජන පිළිබඳව මිනිසුන් දැනුවත් කිරීමත් මෙහිදී විශේෂත්වයක් ගනී.
දේශීය වශයෙන් ගෙම්බන් රැකගනිමින් එම ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් ලෝකව්‍යාප්තව කරගෙන යාම විද්‍යාඥයන්ගේ අරමුණ වී තිබේ.