Aboutceylon Online

නිවෙස් ප්‍රතිකාර සදහා යොමු කිරිමට අද සිට නව ක්‍රමවේදයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර පළතේ කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හා නිවෙස් ප්‍රතිකාර සදහා යොමු කිරිමට අද සිට නව ක්‍රමවේදයක් නිකුත් කර තිබේ .

නව දුරකතන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔස්සේ ඒ අනුව රෝග තත්ත්වය දැනුම් දිය හැකි ය.

දුරකතන අංකය -1904.

නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,000 සීමාවට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මේ නිවෙස්ගතව ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවය.

නිවෙස්වල නිරෝධායනයේ සිටින කොරෝනා ආසාදිතයින්ට, රෝගය උත්සන්න වුවහොත්, ඔවුන් රෝහල් කරා රැගෙන එන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.

දකුණු පළාත, උතුරු පළාත, සබරගමුව යන පළාත්වල ද නිවෙස් නිරෝධායනය සඳහා කොරෝනා රෝගීන් ලියාපදිංචි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

Scroll to Top