Aboutceylon Online

තලෙයිබාන් සටන්කාමින් පැවැත්වූ පළමු නිළ ප්‍රවෘත්ති සාකච්ඡාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
ඇෆ්ගනිස්තාන භූමිය මින් ඉදිරියට කිසිවෙකුට හෝ වෙනත් රටකට එරෙහි ප්‍රහාර දියත් කරන භූමියක් ලෙස භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව තලෙයිබාන් සංවිධානය පවසනවා.

ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු එම සංවිධානය කාබුල් අගනුවරදී පැවැත්වූ පළමු නිළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් මේ බව කියා සිටියා. තම සංවිධානයට අභ්‍යන්තර හෝ බාහිර සතුරන් අවශ්‍ය නොවන බවයි තලෙයිබාන් ප්‍රකාශකයා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

මේ අතර අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගැනීමට තමන් ගත් තීරණය නිවැරැදි සහ කාලෝචිත බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇෆ්ගනිස්ථානයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වයන්ගෙන් එල්ලවන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

කාබුල් අගනුවර ඇතුළු ඇෆ්ගනිස්ථානයේ සමස්ත පාලනය තලෙයිබාන් ත්‍රස්තයින් අතට පත්වීමේ දිනකට පසු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පියවර ගත්තේය.

Scroll to Top