ඇෆ්ගනිස්තානයේ නව පාළනයක් පිළිගන්නේද නැද්ද යන්න එරට බලය අල්ලාගත් තලෙයිබාන් සංවිධානයේ හැසිරීම අනුව තීරණය වන බව අමෙරිකාව පවසයි.
කාන්තා හා ළමා අයිතිවාසිකම් ඇතුලු මානව හිමිකම්වලට ගරු කරන ලෙස ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන සිටින තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවයි අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ ප්රකාශ කර ඇත්තේ.
මානව හිමිකම් ආරක්ෂා නොකරන පාළනයකට අමෙරිකාවේ සහය හිමි නොවන බවද අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් ප්රකාශ කර තිබෙනවා.