නාවලපිටිය ප්‍රදේශයට (12) දින උදැසන ඇදහැලුනු වර්ෂාවත් සමග නාවලපිටිය ඩෙයිලි පාරේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසේ නිදා සිටි අවු තුනක් වයසැති දැරියක් පස් කන්දට යටවි තුවාල ලබා ඇත බව නාවලපිටිය පොලිසිය පැවසිය.
(12) දින 12 පමණ පැවති වර්ෂාවත් සමග නිවසට පිටුපසින් තිබු පස් කන්ද එක්වරම තම නිවසට කඩා වැටුනු බවත් , එම අවස්ථාවේ පස් කන්දට යට වි සිටි දැරියව අසල්වාසින් විසින් මුදා ගෙන තුවාල ලබා සිටි දැරියව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමට පියවර ගෙන ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
පස් කන්ද කඩා වැටිමෙන් එම නිවසටද දැඩි අලාභ හානි සිදු වි ඇති අතර , එම නිවසේ පදිංචි කරුවන් තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවසක නතර කිරිමට පියවර ගත් බවද නාවලපිටිය පොලිසිය පැවසිය.
මධ්‍යම කදුකරයට තද වැසි, ප්‍රධාන මාර්ග වලට පස් කදු කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයට ඉහලින් වු පස් කදු කිහිපයක් ප්‍රධාන මාර්ගයට (12) දින කඩා වැටිමෙන් හැටන් මහනුවර සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනය තාවකාලිකව ඇනහිට ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රන්ජිත් අලහකෝන් මහතා පැවසිය.
ගනිගත්හේන නගර මධ්‍යයේ ගාල් කර තිබු කුඩා ලොරි රථයක් සහ ත්‍රි රෝද රථයක් මතට පස් කන්දක් කඩා වැටි ඇති බවයි ගිනිගත්හේන පොලසිය පැවසිය.
ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටි ඇති බවත් කඩා වැටි ඇති පස් කදු මාර්ග සංවර්ධන අධිකාර කාර්යාලයේ නිලධාරින් විසින් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසිය.
හැටන් ඔය පිටාර ගැලිමෙන් වටවල ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශවල පිහිටි නිවාස රැසක්ද ජලයෙක් යටවි ඇත බව වටවල පොලිසිය පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ