Aboutceylon Online

තවත් කොරෝනා මරණ 156 ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරටින් තවත් කොරෝනා මරණ 156 ක් වාර්තා වී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 87 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් 69 දෙනා කාන්තාවන් ය.

මියගිය පිරිස අතර අවුරුදු 30 , 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 35 දෙනෙකු සිටින අතර ඉතිරි පුද්ගලයින් 121 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන් ය.

ඊයේ (12) වාර්තා කරන ලද මෙම මරණ 156 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, (11) දිනයි.

කොරෝනා ආසාදිත මරණ වාර්තා කිරීමත් අනුව ශ්‍රී ලංකාව ඊයේ දිනයේ ලෝකයේ 15 වන තැනට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව කොරෝනා මරන අනුව ඊයේ දිනයේ ආසියානු කලාපයේ 9 වැනි තැන්පත්ව තිබේ.

worldometers වෙබ් අඩවිය මෙම තොරතුරු වාර්තා කර ඇත.

Scroll to Top