හැටන් සිට මහවැලි ගග දක්වා ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා හැටන්ඔයේ වටවල මවුන්ට්ජින් වත්ත ප්‍රදේශයෙන් හැටන්ඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දැමිමට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් නිකුත් කර ඇති වාර්ෂික බලපත්‍රය අහෝසි කරන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් වටවල 320 ග්‍රාමසේවා වසමේ සමෘද්ධි සමිතියක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වටවල මවුන්ට්ජින් වතු යායට යාබදව ජලය ගලා බසිනා හැටන්ඔයේ පරිසර හිතකාමි ලෙස මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දැමිමට වාර්ෂික බලපත්‍රයක් නිකුත් කර ඇත.
වටවල මවුන්ට්ජින් වතු යායේ වතු කම්කරුවන් එම වතු යායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටියේ තම වතු යායට පහලින් ජලය ගලා බසින හැටන්ඔයේ මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දැමුවහොත් ඔයේ ඉවුරු ඛාදනයට ලක් වි තම වතුයායද නායයාමේ අවධානමකට ලක්විය හැකි බවයි.
වටවල ප්‍රදේශය නායයාමේ අවධානම් කලාපයක් ලෙස හදුනාගෙන තිබියදි හැටන්ඔයේ මැණික් ගැරිමට කිසිසෙත් තමන් ඉඩ ලබානොදෙන බවද උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියි.
හැටන්ඔයේ නියමු ව්‍යාපෘතියක් ලෙස මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දැමිමට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් බලපත්‍රයක් ලබාගත් වටවල සමෘද්ධි සමිතියේ නිලධාරින් කියා සිටින්නේ මධ්‍යම පරිසර අධිකාරිය,ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය , මහවැලි අධිකාරිය , මවුන්ට්ජින් වතු යායේ පාලන අධිකාරිය , විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකින් හැටන්ඔයේ මිටර් 50 ක් දුරට ඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් සහිත පස් පරිසර හිතකාමි ලෙස ගොඩ දැමිමට තම සමිතිය අවසර ලබාගෙන ඇති බවයි.
කාලයක් තිස්සේ හැටන්ඔයේ අනවසරෙන් මැණික් ගැරු මවුන්ට්ජින් වතු යායේ වතු කම්කරුවන් පිරිසක් සහ ප්‍රදේශයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙකු එක් වි නිතියානුකුලව මැණික් ගැරිමට තම සමිතිය ලබාගත් බලපත්‍රය අහෝසි කිරිමට මෙසේ පිරිසක් උද්ඝෝෂණ සිදු කරන බවයි.
උද්ඝෝෂණයේ නිරත සිටින වතු කම්කරුවන්ට සහ උද්ඝෝෂණය පිටුපස සිටින ප්‍රදේශයේ දේශපාලන සංවිධායකවරයාට අවශ්‍යව ඇත්තේ යලිත් හැටන්ඔයේ මවුන්ට්ජින් ප්‍රදේශයේ අනවසරෙන් මැණික් ගැරිමට බවයි එම සමිතියේ සමාජිකයන් චෝදනා කර සිටින්නේ.
අප මේ පිලිබදව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාත්මක සහ ප්‍රාදේශිය සංවර්ධන නිලධාරි අයි.එච්.ඩි.විරසිංහ මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ හැටන්ඔයේ මවුන්ට්ජින් වතු යායට පිවිසෙන මාර්ගය හරහා ඉදි කර තිබෙන පාලමේ සිට හැටන්ඔයේ මිටර් 50 එපිටින් තම අධිකාරියේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධික්ෂණය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් සහිත පස් ගොඩ දැමිමට වටවල ප්‍රදේශයේ සමෘද්ධි සමිතියට කොන්දේසි ගණනාවක් යටතේ බලපත්‍රයක් නිකුත් කර ඇති බවයි.
එම නියමු ව්‍යාපෘතිය අවසන් විමෙන් අනතුරුව එම ඔයේ තවත් මිටර් 250 ක් මිටර් 50 බැගින් අවස්තා පහකදි පරිසර හිතකාමි ලෙස මැණික් ඉල්ලම් සහිත පස් ගොඩදැමිම සදහා ටෙන්ඩර් පත් හෝ වෙන්දේසියක් පැවැත්විමට තම අධිකාරිය සැලසුම් කර ඇති බවයි.
හැටන් – රංජිත් රාජපක්ෂ