Aboutceylon Online

ඉල්ලුමට සරිලන ගැස් තොග ලබා නොදිම නිසා ගැස් හිගයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලිට්‍රෝ ගැස් සමාගම විසින් ඉල්ලුමට සරිලන ගැස් තොග ලබා නොදෙන නිසා හැටන් ප්‍රදේශයේ ගැස් හිගයක් මතු වි ඇති බව ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.

දෛනික අලෙවිය සදහා තමන්ට අවශ්‍ය ගැස් තොග ප්‍රමාණයෙන් අඩක් හෝ ඊට අඩුවෙන් ලිට්‍රො ගැස් සමාගම විසින් තම අලෙවි ආයතනයට ගැස් තොග ලබාදෙන බවත්, එසේ ලබාදෙන ගැස් ප්‍රමාණය පැය කිහිපයක් තුල අලෙවි වි අවසන් වන බවයි  ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

ලිට්‍රෝ ගැස් සමාගම විසින් නිකුත් කරන ගැස් ප්‍රමාණයට වඩා වැඩි හිස් සිලින්ඩර් ප්‍රමාණයක් තම වෙලදසැලේ තිබෙන බවයි එම අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අප ලිට්‍රො ගැස් සමාගමේ ගැස් තොග බෙදා හරින නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම සමාගම විසින් ලබාදෙන සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණය ප්‍රදේශයේ සියළුම ගැස් අලෙවි නියෝජිතයන් වෙත බෙදා හැරිමට තමන්ට උපදෙස් ලැබි ඇති බවයි.

හැටන්  – රංජිත් රාජපක්ෂ

Scroll to Top