කොවිඩ් ආසාදිතවූ තවත් 63දෙනකු පෙරේදා (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (2) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,571 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 36 දෙනෙක් සහ කාන්තාවෝ 27 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 46 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 17 දෙනෙක් ද වෙති.