හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු භාණ්ඩ ප්රවාහන ලොරි රථයක් ගිනිගත්හේන කළුගල පිටවල ප්රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 10පමණ පහතින් වු අතුරු මාර්ගයකට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා ගිනිගත්හේන ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
ඊයේ (23) පස්වරු 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල පිටවල තැපැල් කාර්යාලය ආසන්නයේදිය.
ධාවනය වෙමින් තිබු ලොරි රථයට ප්රතිවිරුද්ධ දිශාවෙන් හැටන් දෙසට ධාවනය වු බස් රථයකට පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයක් අපරික්ෂාකාරි ලෙස බස් රථය ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ධාවනය වෙමින් තිබු ලොරි රථය කුඩා ලොරි රථයට ඉඩ දිමට යාමේදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන ප්රධාන මාර්ගයට පහලින් පිහිටි නිවසකට පිවිසෙන අතුරුමාර්ගයකට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.
ලොරි රථය අනතුරට පත් ස්ථානය මාර්ගය පටු බවත්, එම ස්ථානයේ ආරක්ෂික වැටක් නොමැති විම නිසා මිට ප්රථම අවස්තා කිහිපයකදි අනතුර කිහිපයක් සිදු වි ඇති බවයි ප්රදේශවාසින් පවසන්නේ.
අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.