ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට අද (01) විහාරමහා දේවී උද්‍යානයේදීත්, හෙට (02) දියත උයන පරිශ්‍රයේදීත් එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියා මීට මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැතිව සිටින පිරිස පන් ලක්ෂයකට අධිකය.
ඉන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ වෙති
ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 728,460 ක් 31 සවස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ සහ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය මෙම එන්නත් තොගය පරිත්‍යාග කර තිබේ .