Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉෂාලිනිගේ සිද්ධියේ සැකකරුවන්ට උපරිම දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් උද්ඝෝෂණ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය අවු 16 හැවිරිදි ඉෂාලිනිගේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අධිකරණය හමුවේ තරා තිරම නොබලා උපරිම දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් නාවලපිටිය කැටබුලාව වත්තේ කොටස් 05 ක වතු කම්කරුවන් පිරිසක් (29) දින උද්ඝෝෂණයක නිරත විය.

නාවලපිටිය කැටබුලාව වත්තේ තේ කර්මාන්ත ශාලාව අසලින් උද්ඝෝෂනය ආරම්භ කර උද්ඝෝෂකයන් එම වතු යායේ පිහිටි හින්දු කෝවිල වෙත පැමිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙසට දෙවියන්ට කන්නලව් කරමින් පොල් ගැසිමක්ද සිදු කරන ලදි.

ඉෂාලිනිට සාධාරණය ඉටු කරන ලෙස බලකරමින් කදුරට කාන්තා සංවිධාන කිහිපයක් හැටන් නගර මධ්‍යයේ උද්ඝෝෂණයක

රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය ඉෂාලිනි ජුඩ් දැරියට සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් හැටන් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් එක්ව  හැටන් නගර මධ්‍යයේදි (29) දින උද්ඝෝෂණයක නිරත විය.

උද්ඝෝෂණයේ නිරත වි එම කාන්තා සංවිධානයේ සමාජිකයන් කියා සිටියේ යලි මේ රට තුල ළමා සහ කාන්තා හිංසනය නැති කිරිමට වගකිය යුතු නිලධාරින් කටයුතු කල යුතු බවයි.

ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අධිකරණය හමුවේ උපරිම අයුරින් දඩුවම් ලබාදෙන ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි කාන්තාවන් කියා සිටියා.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top