Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා මරණ 63ක් – ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 63ක් වාර්තා වී තිබේ. එම මරණ 63 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,258 ක් දක්වා ඉහළ ගියේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 35 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 28 දෙනා කාන්තාවන් වේ.

මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 11 දෙනෙකු සිටින අතර ඉතිරි 51 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.

වයස 30 ට අඩු කාන්තාව ද පෙරේදා මියගිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,01,272ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1,499 දෙනකු සුවය ලබා ඊයේ (28) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,71,855 කි.

Scroll to Top