Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

චීනයට අමෙරිකාවෙන් චෝදනා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය මාර්තු මාසයයේ සිට චීනය තම න්‍යෂ්ටික බලය වර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව අමෙරිකාව චෝදනා කරයි.

සින්ජියෑන් ප්‍රදේශයේ ගොඩනගමින් ඇත්තේ දෙවැනි න්‍යෂ්ටික අවි රැඳවිය හැකි ස්ථානය බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් ජායාරුප භාවිත කරමින් අමෙරිකානු ආරක්ෂක විශේෂඥයින් පවසා ඇත්තේ න්‍යෂ්ටික අවි ගබඩාකළ හැකි කලාපයක් චීනය විසින් සින්ජියෑන් ප්‍රදේශයේ ගොඩනගමින් සිටින බවය.

චීනය විසින් ගන්ෂු කලාපයේ තවත් න්‍යෂ්ටික අවි ගබඩාකළ හැකි ස්ථානයක් නිර්මාණය කරන බව පසුගියදා වාර්තා වී ඇත. චීන මාධ්‍ය වාර්තා පවසන්නේ එසේ ගොඩනැගෙමින් ඇත්තේ සුළං බලාගාර බවය.

Scroll to Top