රිෂාඩ් බදුර්ඩින් පා.මන්ත්‍රිවරයාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ නිරත වි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගියේ යැයි කියන 16 හැවිරිදි ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නිලධාරින්ට දේශපාලන බලපැම් ඇති බවට පෙනෙන්නට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් අයිතින් උදෙස් කාන්තා සංවිධානයේ ප්‍රධාන සංවිධායිකා නිතිඥය අනුෂ්කා දර්ශනි තිලකරත්න මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.
නිතිඥ අනුෂ්කා දර්ශනි මහත්මිය හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නිතිඥ අනුෂ්කා දර්ශනි මහත්මිය කියා සිටියේ
අපේ රටේ දරුවන් පිලිබදව කේදනිය තොරතුරු අසන්න ලැබෙන කාලයක් මේක.
ඒ අතරින් ඉෂාලිනි දැරියට සිදු වුණ මේ සිද්ධිය මම දකින්නේ ඉතිහාසයේ දැරියකට සිදු වුණ බරපතල ගණයේ අපරාධයක් ලෙස.
මේ ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් රට පුරා උද්ඝෝෂන , විරෝධතා සටන් ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා.
18 අඩු දරුවන් ඔහුන්ගේ අවශ්‍යතාවයන් තනිව සපුරා ගන්න බැ කියලා තමයි නිතියේ සදහන් වෙන්නේ.
ඔහුන්ට අධ්‍යාපනය , සෞඛ්‍ය , සුරක්ෂිතභාවය රජයක් විසින් ලබාදිය යුතුයි, දෙමව්පියන් විසින් ලබාදිය යුතුයි.
රටේ නිති සම්පාදනය කරන්නේ ව්‍යවස්ථාදායකය , එතකොට පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරන්නේ ජනතා ජන්දයෙන්.
එලෙස ජනතාව පත් කරන මන්ත්‍රිවරයෙක්ගේ නිවසේ සේවය කල දැරියක් තමයි මෙසේ පිලිස්සි ජිවිතක්ෂයට පත් වෙන්නේ.
එම දරුවා ගිනි තබා ගත්තාද නැත්නම් ගිනි තැබුවාද කියලා අපිට මේ අවස්තාවේ හරියට කියන්න බැ.
දරුවා පිලිස්සිමට ලක් වෙන්නේ 2021.07.03 දින ඇය මිය යන්නේ 2021.07.15 දින.
එතන දවස් 12 ක කාලය තුල පොලිසිය , ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින ආයතන නිහඩයි.
මේ දින 12 තුල එම සිද්ධියට අදාල සාක්ෂි විනාශ කිරිමට ඔහුන්ට හැකියාව තිබුණා.
එම දරුවාගේ ඇදුම් හෝ යම් කිසි ලියවිල්ලක් ලියලා තිබුණා නම් මේ දින 12 තුල විනාශ කිරිමට ඔහුන්ට ඉඩ තිබුණා.
මෙම නඩුව මහාධිකරණයේ විනිශ්චය වුණත් දැනට පවතින නිති රාමුව තුල සාක්ෂි ප්‍රමාණවත් නොවිමෙන් විසි වෙන්න පුළුවන්.
අපරාධ නඩු විධාන සංග්‍රහයට 1995 අංක 20 දරණ සංශෝධණ පනත එකතු වෙනවා.
එම සංශෝධණයෙන් දරුවන්ට සිදුවන ලිංගක අපචාර , අපයෝජන සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වෙනවා.
වයස අවු 18 අඩු දරුවෙක් එම දරුවාගේ කැමැත්තෙන් වුවත් දුෂණයකට ලක් වෙනවා නම් එය ව්‍යාවස්ථාපිත ස්ත්‍රි දුෂණය ලෙස නම් කරනවා ඒකට දැඩි දඩුවම් ලබාදිමේ හැකියාව තිබෙනවා.
දරුවන් ශ්‍රමිකයන් ලෙස විකිණිම බරපතල වරදක් ලෙස සදහන් වෙනවා.
බොරැල්ල පොලිසිය විසින් රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බිරිද සහ මස්සිනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා , එතනදි පොලිසිය පැය 48 කාලයක් ඉල්ලනවා ප්‍රශ්න කරන්න.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අපි කණගාටු වෙනවා.
අපි කියනවා ඔය නිල ඇදුමට බලපැම් ආවත් රාජකාරිය අකුරට කරන්න , මොකද මේක හෙට දවසේ තමන්ගේ දරුවාට සිදු වෙන්න පුළුවන්.
අපේ රටේ නිති තියෙනවා නමුත් එයා ක්‍රියා කරන අධිකාරියන්ට දේශපාලන බලපැම් තියෙනවා කියලා හොදටම පැහැදිලි.
ජාතික ළමා ආරක්ෂණ පනතේ අංක 14 වගන්තියේ ඔහුන් සතු කාර්යන් ඉතාමත් පැහැදිලිව සදහන් කරලා තියෙනවා.
දේශපාලන අධිකාරිය විසින් බලපැම් කරමින් ඔහුන්ගේ හෙට දවසේ වරදාන වරප්‍රසාද අනුව තමයි නිතිය ක්‍රියාත්මක කරන ආයතන වල නිලධාරින් මෙහෙයවනු ලබන්නේ.
මෙම සිද්ධිය දෙස බැලුවම නිතියෙන් බේරිමට කපටි ක්‍රම සොයමින් ඉන්න බවක් අපිට පෙනෙමින් යනවා.
වතුකරයේ ළමුන් අනෙකුත් ළමුන්ට සාපෙක්ෂව ඉතාමත් දුක්ෂර ජිවිතයක් තමයි ගත කරන්නේ.
පොඩි කාමරයක් වැනි නිවාසතුල තමයි එම වතු කම්කරු ජනතාව ජිවත් වෙන්නේ .
ඒ නිසා දරුවන් දැඩි පිඩාවට පත් වෙනවා , ඒ නිසා අවු 16 පමණ වන විට එම දරුවන්ට අවශ්‍ය වෙනවා මේ තැන් මිදිලා සමාජයට ගිහින් කියක් හරි හොයාගෙන උසස් තැනකට එනවා කියලා මනෝභාවයක් එනවා.
වතුකරයේ ගැහැණු දරුවන් බලන්නේ කොහේ හරි ගිහින් නිවසක වැඩ කරලා හරි සල්ලි හම්බ කරන්න.
මෙම තත්ත්වය මත දරුවන් අනාරක්ෂිතයි , එතකොට දරුවන් අපචාරි කටයුතු සදහා යොමු වෙනවා.
දරුවන් සම්බන්ධයෙන් මිට වඩා හොදට අවධානය යොමු කරන්න ඕනි. දරුවන් තමයි හෙට දවසේ අපේ අනාගතය.
ආණ්ඩුවේ සමහර මන්ත්‍රිවරුන් කියනවා රිෂිඩ් බදුර්ඩින් විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් , විපක්ෂය මුකුත් කියන්නේ නැද්ද, ඔහු ආණ්ඩු හෝ විපක්ෂ වුනත් ඒක විපක්ෂයට පවරලා ආණ්ඩුවට මග හරින්න බැ.
ආණ්ඩු බලය තියෙන අයට තමයි රාජ්‍ය බලය තියෙන්නේ , පොලිසිය තියෙන්නේ විපක්ෂය අතේද?
ජනාධිපතිතුමා පසුගිය දා මරණිය දණ්ඩනය දිලා තිබුණ අය නිදහස් කරන්න කඩිනමින් කටයුතු කලා.
ඒ තිබුණ හදිස්සිය මේ දරුවාගේ සිද්ධියේ මුලික විමර්ෂණ සම්බන්ධයෙන්වත් නොමැති වන්නේ ඇයි?
දරුවන් සම්බන්ධයෙන් මිට වඩා අවධානය යොමු කරන්න ඕනි, වසමේ ග්රාමසේවකයාත් දැන ගන්න ඕනි දරුවෙක් ආරක්ෂා කරන්න.
වසමේ දරුවෙක් ගෙදර ඉන්නවද , කොහේද වැඩට ගියේ ? පොලිසියට වගකිමක් තියෙනවා.
මේ එක සිද්ධියක් විතරයි , මේ වගේ සිද්ධි බොහොමයක් තියෙනවා වතුකරයේ සැගවුණු. යනුවෙන් පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ