Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අදත් ගිගුරුම් සහිත වැසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිතසිට බස්නාහිර දක්වා වන දිශාවලින් හමා එයි. සුළගේ වේගයපැ.කි.මී. (40-50) පමණ වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විටපැ.කි.මී. 60 පමණ දක්වා වැඩි විය හැක.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු විය හැක.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

Scroll to Top