Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොළඹ ජලයෙන් යටවෙයි – රථවාහන තදබදයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද (26) උදෑසන සිට කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශයට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවිය.

පොලීසිය පැවසුවේ, කොළඹ කිංසි පාර, නෝරිස්කැනල් පාර, ග්‍රෑන්ඩ්පාස් , කොටහේන ඇතුළු ප්‍රදේශවල මාර්ග කිහිපයක් එලෙස ජලයෙන් යට වී ඇති බවයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල රථවාහන තදබදයක් ද පවතින බව අප වාර්තාකරුවෝ පවසති.

බත්තරමුල්ල සහ අතුරුගිරිය ආදි ප්‍රදේශවල වර්ෂාවත් සමඟ මීඳුම් තත්වයක් ද දැකගත හැකිවිය. සඳුදා දිනයක් වූ අද දින පෙවරුවේ සේවයට පැමිණෙන ජනතාව වර්ෂාව හේතුවෙන් අපහසුතාවට පත්වූහ.

වර්ෂාව හේතුවෙන් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. ඇදහැළෙන වැසි හේතුවෙන් එම මාර්ගවලට පස් කදු කඩා වැටීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

මේ අතර නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයව පැවතීම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Scroll to Top