කොරෝනා වෛරසයේ ප්රභවය සොයා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකෙරන පරීක්ෂණයේ දෙවන අධියර නුදුරැ දිනවලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ධවල මන්දිරය මාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර ඇත්තේ චීනයේ හැසිරීම,වගකීම් විරහිත සහ භයානක එකක් බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ඇමරිකානු ඇතුළු රටවල් ගණනාවක් ද මෙම පරීක්ෂණය සදහා සහය දෙන්නැයි නැවත නැවතත් චීනය වෙත ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටිනවා.
චීනය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා එයට සාර්ථක ප්‍රතිචාරයක් ලැබී නැහැ.
කොරෝනා වෛරසය සතුන් හරහා මිනිසාට සම්ප්‍රේෂණය වූ බවට මූලිකව විශ්වාස කෙරැණත් එය විද්‍යාගාරයකින් නිකුත් වූවක් බවට ද අදහසක් පළවී තිබෙනවා.
අදාළ දත්ත සම්පූර්ණයෙන්ම හුවමාරැ කර ගැනීම පුද්ගලිකත්වයට ගැටලු ඇති කරන බවත් , මෙි වනවිටත් විද්‍යාව මගින් මෙම ගැටලුව විසදා ඇති බවත් චීන විශේෂඥයන්ගේ අදහසයි.