Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මරණය හැර වෙන විකල්පයක් ඇත්තේම නැත

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
උතුරු ඇමරිකාවේ සිට නිරන්තරයෙන්ම දකුණු දෙසට ඇදුනු මට, වියලි සහ කාන්තාර වැනි ප්රදේශ වලට සමීපවීමත් සමගම, සැමදාම වාගේ මහත් අවදියෙන් සිටීමට සිදුවූ කාරණයක් විය.
ඒනම්, සර්පයන්ගෙන් පරෙස්සම් වීමයි. දවස මුළුල්ලේ ගමනේ යෙදී, මහන්සි වී, රැය ගතකිරීමට කුඩාරම ඇටවීමට යද්දී, රැටල් ස්නේක් නමින් හඳුන්වන අති විෂ සහිත ගිගිරි පොළඟුන් වර්ගය මගේ නෙත්වලට හමු නොවූ දිනක් නැත. තනිවම, කාත් කවුරුත් නැති තැන් වල ලගිද්දී, එවන් සතෙකුගෙන් පහරක් කෑමට සිදු වුනෝතින්, මරණය හැර වෙන විකල්පයක් ඇත්තේම නැති වනු ඇතැයි මා නිතර නිතර මටම කියා ගතිමි.
එමනිසාම මා කුඩාරම ඇටවීමට කලින් පමණක් නොව, මොටර්සයිකලයෙන් බැසීමට කලින්ම පවා වට පිටාව හොඳින් සෝදිසි කිරීමට පෙළඹුනෙමි. නමුත් දිනපතාම හමුවූ ඒ සර්ප වර්ගය පසු පසුවට හොඳින් අධ්යයනය කිරීමේදී මට එක දෙයක් තේරුම් ගැනීමට හැකිවිය. ඒ දෙය නම්, ඒ සර්පයන්ගේ හොඳ කමයි.
කෙතරම් විෂ සහිත වූවත්, කොටින්ම පෙනුමෙන් පවා මගේ ඇඟ හිරි වැට්ටුවත්, ඒ සර්පයන් උවමනාවෙන්ම මට හිංසාවක් කිරීමට අකමැති බව මා තේරුම් ගතිමි. ඊට හේතුව, මගේ පැමිණීම ඉවවැටුණු සෑම මොහොතකම උන් උන්ගේ නගුටේ කෙළවර තිබෙන ගෙජ්ජිය සොලවා මට අනතුරු අඟවීමයි.
එය හරියටම “යාලුවා, වැරදිලාවත් මාව පාගලා දමන්න නම් එපා“ කියනා සේය. ඉතින් උන් ඒ නාද කල ගෙජ්ජි හඬ, මා සතුව තිබිය යුතු අවධානය මා වෙතට ගෙන ආහ. කෙසේ නමුත් අත්වැරැද්දක් වීමට ඇති අවකාශය වලකාගැනීමට, මා උන්ව උන් සිටි තැන්වලින් එළවා දැමීමට උත්සාහ කලෙමි.
නමුත් අන් සර්පයන් වන නොව, ගිගිරි පොළඟුන් උන් ලැගි තැන්වලින් පිටවී යාම ප්රතික්ෂේප කළහ. ඉතින් මම අවට තිබූ කෝටු කැබැල්ලක් අතට ගෙන, උන්ගේ ශරීර වලට හානි නොවන සේ ඒ සර්පයන් කූඩාරම ඇටවීමට යන තැනින්, ඈතට තල්ලු කලෙමි. සමහරක් සර්පයන් මගේ ඉල්ලීමට ඉක්මනින්ම කන් දුන්හ.
සමහරෙක් කෙතරම් පෙරැත්ත කලද, හිටි තැනින් සෙලවුනේ නැත. ඒ ගිගිරි පොළඟුන් සමග මගේ දෛනිකව කල ගනුදෙනු, මෙක්සිකෝව පසුකරනා තුරු තිබිණ.
snake
Life-On-Wheels
Scroll to Top