Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාටවත් කියන්න එපා කියා Two injections ගැහුවලු මේ ඒ කතාවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පසුගිය දා පේරාදෙණිය ඔගස්ටාවත්ත ප්‍රදේශයේ 51 හැවිරිදි සිව්දරු මවක් වන ප්‍රියංකා කුමාරි ට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකම අවස්ථාවේදී ලබාදීම සිදුව තිබුණේ පසුගිය ජූලි 20 වැනිදා උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේදීය.

ඇය සිය සැමියාද සමඟ එන්නත ලබාගැනීමට ගොස් තිබූ අතර එන්නත්කරණය සිදුකර තිබුණේ ගඟවට කෝරළය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ හෙදියක විසිනි.

තමන් මුහුණ පෑ සිදුවීම ඇය විස්තර කළේ මෙලෙසිනි.

“මායි සැමියයි දෙන්නම තමා ගියේ. එයා බෙහෙත විදලා ගියා. එක මිස් කෙනෙක් මගේ කාඩ් එක අරන් එක පාරක් විද්දා. ඊට පස්සේ ආය කාඩ් එක දීලා තවපාරක් විද්දා. මහත්තයා ගිහින් ඉස්සරහ පුටුවේ ඉදගත්තා. මම ගිහින් ඇහුවා ඔයාට බෙහෙත් දෙකක් විද්ද ද කියලා. එයා කිව්වා මට එකක් විද්දේ කියලා. ඊට පස්සේ මම කිව්වා මට දෙකක් විද්දනේ කියලා. PHI මහත්තයාට මම කිව්වා මට බෙහෙත් දෙකක් විද්දා කියලා. කවුද විද්දේ කියලා ඇහුවා. මම කිව්වා අතන මිස් කෙනෙක් විද්දේ කියලා. අත බලලා කිව්වා මෙයාට දෙපාරක් විද්දලානේ කියලා. ඒ මිස්ට ගිහින් ඇහුවා ඇයි ඔයා දෙපාරක් විද්දේ කියලා. ඒ මිස් අහක බලා ගත්තා. ටිකක් වෙලා ඉදගෙන ඉන්න කිව්වා. දෙකක් විද්දට අවුලක් නෑ. කාටවත් කියන්න එපා කිව්වා. මට විනාඩි 10ක් යද්දි කලන්තේ වගේ ආවා. ඒ අය එන්න එන්න කියලා ඔක්සිජන් දුන්නා. පැයක් තියාගෙන ඉදලා මෙයාව ගෙදර ගෙනියන්න කියලා සැමියට කිව්වා. “

අනතුරුව ඇය නිවසට පැමිණියද පස්වරුව වනවිට අතේ අධික වේදනාව සහ ක්ලාන්ත ගතිය හේතුවෙන් ඇය යළිත් වරක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව තිබුණි.

“මහත්තයා යන්න කලින් PHI මහත්තයාට කතා කරලා කිව්වා මෙයාට අමාරුයි කියලා. PHI කිව්වා ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි අපි දෙකක් විද්දේ නෑ. එකයි විද්දේ කියලා. ඊට පස්සේ සැමියා මාව රෝහලට අරන් යන ගමන් පොලීසියට ගිහින් කිව්වහම මාව රෝහලට දාලා එන ගමන්  පැමිණිල්ලක් දාන්න කිව්වා. අධිකරණ වෛද්‍යතුමා ඇවිල්ලා අත බලලා කිව්වා එයාට දෙකක් විදලා තියෙනවා කියලා. ලියා ගන්න කිව්වා.”

මෙම සිදුවීම  සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

two injections covid vaccine,two injections in one arm,two injections at a time,two injections that are usually administered to the deltoid muscle are the,two injections at same time,two injections implies bijection,two injections,gossip lanka c, lanka news web sinhala, trincomalee, hiru gossip lanka news, ella sri lanka, gossip lanka c news, sri lanka tourism, lanka c news sinhala, sri lanka airport, sri lanka time now,gossip lanka sinhala news, hikkaduwa, sri jayawardenepura kotte, polonnaruwa, sri lanka gossip, latest news in sri lanka, gossip lanka hot,
lanka cnews, galle sri lanka,
Scroll to Top