Aboutceylon Online

තිදරු මවක් කොරෝනාවෙන් මියයයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දියවැඩියාව හා වකුගඩු රෝගයෙන් පෙළුණු තිදරුමවක් නේවාසිකව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි කොවිඩ් වෛරසය ආසාදනය වි කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බව  (21) දින කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණ සාක්ෂි විභාගයේදි තහවුරු වි ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදිවියේ පසුවන දාම්වල මොරගහහේනපාරේ පදිංචි තිදරු මවකි. මෙම මව දියවැඩියා හා වකුගඩු රෝගි තත්වය නිසා කරාපිටිය රෝහලෙන්  නේවාසිකව ප්‍රථිකාර ලබාගෙන ඇත. ඇය ජුනි මස 29 වැනිදින  කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්ව    රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි පසුගිය 18 වැනිදින කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති අතර ඇය  19 වැනිදින මියගොස් ඇත.

මියගිය තිදරුමවගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන්. කරුණාතිලක මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරික්ෂණය  සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි  සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සිදුකර ඇත. ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වි ඇති බවට තින්දු කර ඇත.

අක්මීමන – එච්. එම්. සමන්

Scroll to Top