හැටන් නගරයේ මහජන වෙලදපොල අසල පැති විදියේ බිත්තර සහ මස් මාංශ අලෙවි කරන වෙලදසැලක රු. දස දහකට ආසන්න මුදලක් සොරකම් කිරිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය සිසිටිවි දර්ශන ඔස්සේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.
අද (22) දහවල් 1 ට පමණ වෙලදසැලට පැමිණි පාරිභෝගිකයෙකු බිත්තර මිල දි ගැනිමට අවශ්‍යය බවත්, එය ලබාදෙන ලෙස වෙලදසැල් හිමියාගෙන් ඉල්ලා ඇති අතර එය ලබා දිමට වෙලදසැලේ මුදල් ලාච්චුව ලගින් එපිටට ගිය අවස්තාවේ පාරිභෝගිකයා එක් අතකින් ලාච්චුව විවෘත කර මුදල් රැගෙන වෙලදසැලෙන් පිටව ගොස් ඇත.
බිත්තර මිල දි ගැනිමට පැමිණි එම පුද්ගලයා තමාට ප්‍රමාද වන බව පවසා බිත්තරද මිල දි නොගෙන වෙලදසැලෙන් පිටව ගිය පසු වෙලදසැල් හිමියා ලාච්චුව විවෘත කර බලන විට ලාච්චුවේ මුදල් නොතිබුණු නිසා වෙලදසැලේ සවි කර තිබු සිසිටිවි දර්ශන පරික්ෂා කිරිමේදි මෙම සොරකම ආනාවරණය වි ඇත.
මේ සම්බන්ධයෙන් වෙලදසැල් හිමියා විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එළඹෙන දිපාවලි උත්සව සමය නිසා මේ දිනවල හැටන් නගරයට දිනපතා විශාල වශයෙන් පාරිභෝගිකයන් පැමිණෙයි.
වෙලදසැලට පැමිණෙන පාරිභෝගිකයන් පිලිබදව සහ නාදුනන අය පිලිබදව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස වෙලදසැල් හිමියන්ගෙන් හැටන් පොලිසිය ඉල්ලා සිටියි.