Aboutceylon Online

ලෝකයටම ආදර්ශයක් වූ අපේ පොලිස් ස්ථානාධිපති වසන්ත ප්‍රේමලාල්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඔහු නමින් කේ.පී. වසන්ත ප්‍රේමලාල් මහතාය.

අරලගංවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කරන වසන්ත ප්‍රේමලාල් මහතා තම නිල නිවාසයේ ගෙවත්තට අයත් කොටසේ ළිඳක් කපා ගෙන එම ජලයෙන් හා කාබනික පොහොර නිෂ්පාදනය කර එළවළු හා පලතුරු වගා කරයි.

මිරිස්, කරවිල, මෑ කරල්, බණ්ඩක්කා, ගොටුකොළ, කංකුං, තිබ්බටු, මෙන්ම විවිධ එළවළු හා පලාවර්ගත් දෙලුම්, බුලත්, වෙරළු, දොඩම්, අන්නාසි ඇතුළු පලතුරු ජයටම වගා කර ඇති ඔහු එම වගාවන් හි ඵලදාවද මේ වන විට නෙළමින් සිටියි.

ලෝකයටම ආදර්ශයක් වෙමින් වස විසවලින් තොර කාබනික පොහොර පමණක් යොදා මේ වන විට වසන්ත ප්‍රේමලාල් මහතා තම නිල නිවාස ගෙවත්තේ රසයෙන් ගුණයෙන් යුත් පලතුරු එළවළු බොහොමයක්ම වගා කර තිබේ.

රජය කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරු කිරීමට වෙරදරන යුගයක පොලිස් ස්ථානාධිපතිවරුන් පවා රාජකාරි වේලාවෙන් පසු මෙවැනි වගාවන් සිදු කිරීම අගය කර යුතු කාටත් ආදර්ශවත් ක්‍රියාවකි.

නිමල් ජයරත්න – මනම්පිටිය

lanka c news, lanka news web, lanka news web sinhala, neth news sinhala, sinhala news 24, hiru news sinhala, lanka e news sinhala, sinhala news papers,
lanka c news,
Scroll to Top