Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කටුමැටි පැළක දිවි ගෙවු පවුලක නිවාස සිහිනය සැබෑ වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
උතුරු මැද පළාත් හිටපු මහඇමති බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමාගේ 67 වන ජන්ම දිනය නිමිත්තෙන් කටුමැටි පැළක දිවි ගෙවු අහිංසක පවුලක නිවාස සිහිනය සැබෑවක් විය.
කෘතහස්ත දේශපාලඥයෙකු වූ හිටපු උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන් 1954 වර්ෂයේ ජූලි 15 වැනි දින උපත ලබා ඇති අතර, එතුමන්ගේ  හැටහත්වන (67) ජන්ම දිනය ඊයේ (15)  දිනට යෙදී තිබිණ.
ඒ නිමිත්තෙන් අනුරාධපුර, රඹෑව, යාය 05, පණ්ඩුකාභයපුර. සමඟිමාවතේ පදිංචි රඹෑව මහා විද්‍යාලයේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බී.ඒ ඉමාල්ෂා දෙව්මිණී දියණිය ඇතුළු දෙමාපියන්ගේ නිවාස සිහිනය සැබෑවක් කෙරිණි.
මෙම පවුල කටුමැටියෙන් තැනූ කුඩා නිවසක මීට පෙර දිවි ගෙවු අතර, එම නිවස අබලන්ව පවතින බැවින් නිවසක් සාදා ගැනීමට උපකාර කරන ලෙස රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ මගපෙන්වීම මත සිහස් පදනමේ දායකත්වයෙන් අංග සම්පූර්ණ නිවසක් ඉදි කර දීම සිදු විය.
රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් වැය කරමින් ඉදි කළ නිවස ඉමල්ෂා දෙවිමිණි දියණිය ඇතුළු දෙමාපියන්ට ඊයේ (15) සුභ මොහොතින් දිවංගත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි දිසානායක මැතිතුමන්ගේ 67 වැනි ජන්ම දිනය නිමිත්තෙන්  භාර කෙරිණි.
1999 සිට 2012 වසර දක්වා අඛණ්ඩව උතුරු මැද පළාත් මහා ඇමති ලෙස බර්ටි දිසානායක මැතිතුමන් කටයුතු කළ අතර,උතුරුමැද පළාත් සභා සංවර්ධනයේ නියමුවා ලෙසත්, තම පාක්ෂිකයන්ගේ නායකයා ලෙසත් රජරට ජනතාවගේ හදවත් තුළ බර්ටි ප්‍රේමලාල් දිසානායක නාමය රදා පවති.
බර්ටි ප්‍රේමලාල් දිසානායක නම් වු ආදරණීය නායකයාණන්ගේ අභාවයෙන් පසු එතුමන්ගෙන් රජරට ජනතාවට ඉටු වූ ජනතා සේවය අඛණ්ඩව ඉටු කිරීමේ වගකීම නොපිරිහෙලා ඉටු කරන එතුමාගේ වැඩිමහල් පුත් වර්තමාන සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් මෙම නිවස භාර කිරීම සිදු කෙරිණි.
කටු මැටි පැළක දිවි ගෙවු තමන්ගේ නිවාස සිහිනය සැබෑ වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගීතිකා කුමාර ගුණරත්න මහත්මිය කියා සිටියේ,
අපි දුෂ්කරව ජීවත් වුණේ මැටි ගෙදරක, වැස්සට ඒ ගේ තෙමෙනවා, අපේ දරුවත් අසනීපෙන් ඉන්නේ, ඊට පස්සේ ඇමතිතුමා සම්බන්ධ වෙලා අපේ ගේ හදලා දුන්නා.ඒකට ගොඩක් ස්තූතියි යනුවෙනි.
2013 සැප්තැබර් මස 27 වන දින බර්ටි ප්‍රේමලාල් දිසානායක නම් වු අපූරු මානව හිතවාදී දේශපාලන නායකයා සිය දිවි සැරිය නිම කරන්නේ  රජරට ජනතාවට අව්‍යාජ දේශපාලන නායකයෙකුගෙන් හිමිව තිබූ රැකවරණය  නිම කරමින් මෙන්ම එහි සැබෑ වගකීම තම වැඩිමහල් පුතණුවන්ට පවරමිණි.එම වගකීම ඉටු කරමින් මෙලෙස රජරට තවත් අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් ඉදි කර දීම දුමින්ද දිසානායක මැතිතුමන්ගේ මැදිහත් වීමෙන් මෙලෙස සිදු විය.
බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ  හැටහත්වන (67) වන  ජන්ම දිනය ගෙවී යන මොහොතේ  එතුමන් ජීවමාන නොවුනද , රජරට ජනතාව අතර  “ කළු බර්ටි ” යන නාමයෙන් විරුදාවලිය ලත් “අපේ නොනිදන මහ ඇමති” , බර්ටි ප්‍රේමලාල් දිසානායක සැමදා රජරට ජනතා හදවත් තුළ ජීවමානය.
මෙම අවස්ථාවට අමාත්‍යයතුමන්ගේ පෞද්ගලික  ලේකම් කවින්ද දිසානායක මහතා ඇතුළු බර්ටි දිසානායක පදනමේ නිළධාරීන්, සිහස් පදනමේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක ශ්‍යාමා හේවාගමගේ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
තිසර සමල් – අනුරාධපුර
infolanka, infolanka news, gossip s, gosssip lanka hot news, gozzip lanka news, lanka c news, sri lanka news, sri lanka time, lanka sri, sri lanka flag, capital of sri lanka, sri lanka tamil news, ads lanka, lanka hot news gossip, goosplanka,
lanka gossip, sri lanka, x, xx, sex, nud, xvid, mp3, song
Scroll to Top